Monday, July 31, 2017

මුදල් තැන්පත් කිරීම (Deposite Money) / මුදල් ලබාගැනීම ( Withdraw Money)

Binary Option වලින් ලාභ ලැබීම සදහා යම් මුදලක්  Binary Option ගිණුමේ තැන්පත් කර ඒ මුදල් යොදවමින් Trade කල යුතුයි.එම යොදන මුදල හා ඔබ Trade කිරීම මගින් උපයන ලාභය ඔබට අවශ්‍ය ඕනම අවස්ථාවක ලබාගත හැකියි. IQ Option ආයථනය 100%ක් නීත්‍යානුකූල ආයථනයකි,එම නිසා මුදල් ලබාගැනීමේදි ඔබට කිසිදු ගැටලුවක් ඇති නොවේ,පහත දැක්වෙන ක්‍රම වලට මුදල් තැන්පත් කිරීම හා මුදල් ලබාගැනීම සිදුකල හැකියි.

01.Cradit Card/Debit Card මගින්
02.Skrill අන්තර්ජාල බැංකු ගිණුම මගින්
03.Neteller අන්තර්ජාල බැංකු ගිණුම මගින්

ඉහත දැක්වෙන එක් එක් ආකාරයෙන් මුදල් තැන්පත් කරන ආකාරය හා මුදල් ලබාගන්නා ආකාරය පහති පැදිළිකර ඇත​.

Debit Card/Cradit Card මගින් මුදල් තැන්පත් කිරීම හා මුදල් ලබාගැනීම​

ගොඩක් අය ලග Cradit Card එකක් නැතුව ඇති,ඒත් ඔයලට පහසුවෙන්ම Debit Card එකක් ගන්න පුලුවන් ඕනම බැංකුවක සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කිරීම තුලින්.HNB බැංකුවෙ Debit Card එක තමා පහසුවෙන්ම අන්තර්ජාල බැංකු කටයුතු වලට භාවිත කරන්න පුලුවන්.Commercial Bank එකේ Debit Card එකත් ගැටලුවක් නැතිව භාවිත කල හැකියි,නමුත් ඔයලට දැනට Debit Card එකක් නැතිනම් කෙලින්ම HNB බැංකුවෙ ඉතිරි කිරීමේ ගිණුමක් විවෘත කරලා HNB Debit Card එකම ගන්න​.මම අවුරුදු 4ක් පුරා HNB Debit Card එක පාවිච්චි කරනවා, මේ වන තුරු කිසිදු ගැටලුවල් ඇති වෙලා නෑ අන්තර්ජාල ගණුදෙණු වලදි.HNB Debit Card එක ගිණුම විවෘත කරපු ගමන්ම ඔයලට ගන්න පුලුවන්.ඔයලා අන්තර්ජාල බැංකු ගිණුම් හරහා මුදල් තැන්පත් කරන්න ගියත් Debit Card එක ඕන වෙනවා,Debit Card එක මගින් තමා අන්තර්ජාල බැංකු ගිණුමට මුදල් තැන්පත් කරන්න සිදුවෙන්නෙ.ඒ නිසා ඔයලට කොහොම කලත් Debit Card එකක් හදාගන්න වෙනවමයි.

Debit Card එකක් භාවිතයෙන් මුදල් තැන්පත් කරන ආකාරය හා මුදල් ලබාගන්නා අකාරය පහත Video මගින් පැහැදිළිකර ඇත​.

Debit Card එකක් මගින් IQ Option ගිණුමට මුදල් තැන්පත් කිරීම​

Debit Card එකක් මගින් IQ Option ගිණුමේ මුදල් ආපසු ලබාගැනීම​



skrill අන්තර්ජාල බැංකු ගිණුම මගින් IQ Option ගිණුමට මුදල් තැන්තත් කිරීම හා IQ Option ගිණුමේ මුදල් ආපසු ලබා ගැනීම​.

අන්තර්ජාලය හරහා සිදුවන ගණුදෙණු පහසුවෙන් සිදුකිරීම සදහා හදුන්වාදුන් බැංකු ගිණුම් තමා අන්තර්ජාල බැංකු ගිණුම් ලෙස හදුන්වන්නේ.මේවා ගැන අලුතෙන්ම ඉගෙන ගන්න කෙනෙක්ට හිතෙන්න පුලුවන් මෙම අන්තර්ජාල බැංකු ආයථන විශ්වාස කරන්න පුලුවන් ද කියන ප්‍රශ්ණය​.මම අත්දැකීමෙන් කියන්නෙ අන්තර්ජාල බැංකු ආයථන අපි සාමන්‍යයෙන් ශ්‍රි ලංකාවේ ගණුදෙණු කරන බැංකු ආයථන වලටත් වඩා විශ්වාසවන්තයි ඒ වගේම ඉතා ඉහල සේවාවක් තම ගණුදෙණු කරුවන්ට ලබා දෙනවා.

අන්තර්ජාල බැංකු ගිණුම හරහා IQ Option ගිණුමට මුදල් තැන්පත් කිරීමට හෝ IQ Option ගිණුමෙන් මුදල් ආපසු ලබාගැනීමට ඔයාට Skrill අන්තර්ජාල බැංකු ගිණුමක් තියෙන්න ඕන​.ගොඩක් අයට මේ වෙනකොටත් Skrill ගිණුමක් ඇති,නමුත් අපි හැම දෙයක්ම කියලා දෙන්නෙ මුලින්ම පටන් ගන්න කෙනෙක්ටත් තේරුම් ගන්න පුලුවන් වෙන විදියටයි.ගිණුමක් නැති අය පහත Video එකේ කියලා දෙන විදියට එකක් හදාගන්න​.

Skrill අන්තර්ජාල බැංකු ගිණුමක් සැකසීම​

පහත Video එක මගි පහත කරුණු පැහැදිළි කර ඇත​

Skrill අන්තර්ජාල බැංකු ගිණුමක් නිර්මාණය කිරීම​
Skrill ගිණුමට Debit card එක සම්භන්ද කිරීම​
Skrill ගිණුමට Debit Card එක මගින් මුදල් තැන්පත් කිරීම​


ඉහත ආකාරයට Skrill ගිණුමක් සකසාගෙන පහත Video එකෙන් කියලා දෙන විදියට Skrill අන්තර්ජාල බැංකු ගිණුම හරහා IQ Option ගිණුමට මුදල් තැන්පත් කිරීම හා මුදල් ආපසු ලබා ගැනීම සිදු කල හැකිය.


Neteller අන්තර්ජාල බැංකු ගිණුම හරහා IQ Option ගිණුමට මුදල් තැන්පත් කිරීම හා IQ Option ගිණුමෙන් මුදල් ආපසු මුදල් ලබාගැනීම​

Neteler ගිණුමත් හරියට Skrill ගිණුම වගේම තමා කිසි වෙනසක් නොමැත​.Neteler ගිණුමක් නොමැති අය පහත Video එකෙන් කියලා දෙන විදියට Neteler ගිණුමක් හදාගන්න​.එක මගින් පහත කරුණු පැහැදිළි කර ඇත​.

Neteler ගිණුමක් නිර්මානය කිරීම​
Neteler ගිණුමට Debit Card එක සම්භන්ද කිරීම​
Neteler ගිණුමට Debit Card එක මගින් මුදල් තැන්පත් කිරීම​

ඉහත ආකාරයට Neteler ගිණුමක් හදාගෙන පහත Video එකෙන් කියලා දෙන විදියට IQ Option ගිණුමට මුදල් තැන්පත් කිරීම හා IQ Option ගිණුමෙන් මුදල් ලබාගැනීම සිදුකල හැකිය​


Tuesday, July 18, 2017

මෘදුකාංගය Download කිරීම හා පැහැදිළි කිරීම​

දැන් ඔබට Binary Option Account  එකක් තියෙනවනෙ,දැන් අපි Binary Option කරන්න ඕන වෙන  Software එක Download කරලා ඒ  software එක ගැන ටිකක් පැහැදිළි කරගමු.පහත  link එකෙන් ගිහින් Software එක Download කරගන්න​.ඔයාට තනියම කරන්න අපහසුයි වගේනම් පහත video  එකේ පෙන්වන අකාරයට කරන්න​.



Video එකේ තියෙන විදියට ඔයා කලින් IQ Option Account එක හදනකොට දුන්න Password හා Email ඇතුලත් කරලා එකට Log in  වෙන්න​. ඔයා Trade කරන්න කලින් මේ Software  එක ගැන හොදට අවබෝද කරගන්න ඕන​.පහත Video එක මගින් Software එක ගැන යම් පැහැදිලි කිරීමක් කරගන්න පුලුවන්.

Trade කරන හැටි පියවරෙන් පියවර​

මේ ලිපියෙන් කියලා දෙන විදියට දවස් දෙකක් විතරDemo Account  එකෙන් Trade කරලා ඔයාට මේ Software එක පුරුදු වෙන්නත්,Trade කරන විදිය පුරුදු වෙන්නත් පුලුවන්.

Trade කරන විදිය ඉගෙන ගන්න කලින් Binary Option කරනකොට ඇත්තටම සිදුවන දෙය නැවත මතක් කරගෙන ඉමු.Currency Pair එකක හුවමාරු අනුපාතය වෙනස්වන ආකාරය අනුමාණ කරන එක තමා Binary Option වලදි සිදු වෙන්නේ.මේ අනුමාණ කිරීම නිශ්චිත කාලයකට අධාලව කරන්න ඕන කියන එක අපි කලින් ඉගෙන ගත්තා මතක ඇති,හරියට පහත දැක්වෙන උදාහරණය වගේ

Ex-  EUR/USD හුවමාරු අනුපාතය ඊලග මිනිත්තුව ඇතුලත පහත යයි.

විදේශ විනිමය වෙළදපලේ මෙම හුවමාරු අනුපාතයන් හැම තත්පරයකදීම වෙනස් වෙනවා.මේවා ගැන අපි කලින් ලිපි වලදි පැහැදිළි කෙරුවා,මුල ඉදලා කියවගෙන එන්න එහම කෙරුවෙ නැතිනම් ඔයාට මේවා තේරුම් ගන්න බැරි වෙයි.

හරි අපි දැන් බලමු IQ Option Software එක භාවිතයෙන් Trade එකක් කරන විදිය පියවරෙන් පියවර​.ඔයාට හැම පියවරකදීම පැහැදිළි කිරීමක් හා කරන විදිය video එකකින් ඉගෙනගන්න පුලුවන්.



STEP 01 - Trade කිරීමට Currency Pair එකක් තේරීම​

ඔයා කරන්නෙ මොන එකේද කියන එක එකටම තීරනය කරන්න ඕන​.ඔයාට තෝරගන්න වර්ග ගොඩක් එකේ තියෙනවා,ඒවලින් කැමති එකක් ඔයාට තෝරගන්න පුලුවන්.එකක් තෝරගන්න විදිය පහත එකෙන් බලාගන්න පුලුවන්.

STEP 02 -  Trade එකකට යොදන මුදල තීරණය කිරීම​

Trade එකක් කරන්න කලින් ඔයා trade එකකට යොදන මුදල තීරණය කරන්න ඕන​.ඔයාට ඩොලර් 1ක් හෝ ඊට වැඩි ගනනක් එක trade එකකට යොදන්න පුලුවන්.යොදන මුදල ඇතුලත් කරන ආකාරය පහත  Video එකෙන් බලන්න​.

 STEP 03 - Expairy Time ( කල් ඉකුත්වන කාලය ) තීරණය කිරීම​


ඔයා Currency Pair එකක හුවමාරු අනුපාතය ගැන කරන අනුමාණය එහමත් නැතිනම් trade එක කරන්නෙ කොපමන කාලයකදී අවසන් වෙන විදියටද කියන එක තීරනය කරන එකයි මෙතනදි කරන්නෙ.expairy time එක ගැන කලින් ලිපිවල පැහැදිළි කරලා තියෙනවා,මෙතනදි කියලා දෙන්නෙ Software එක භාවිතයෙන් expairy time එක තීරණය කරන විදියයි.පහත video  එකේ තියෙන විදියට තමා expairy time එක trade එකක් කරද්දි යොදන්නෙ.

STEP 04 - Trade එක තහවරු කිරීම​

දැන් ඔයා Currency Pair එක තීරණය කරලා,එකට යොදන මුදලත් තීරණය කරලා,එක අවසන් වෙන කාලයත් තීරණය කරලා ඉවරයි.දැන් ඔයාට කරන්න ඉතිරිවෙලා තියෙන්නෙ හුවමාරු අනුපාතය ඉහල යයිද​? පහල යයිද? කියන එක තීරණය කරන එකයි.හුවමාරු අනුපාතය ඉහල යයි කියලා හිතනවානම් Call කියන button එක click  කරලා trade එක තහවුරු කරන්න​,හුවමාරු අනුපාතය පහල යයි කියලා හිතනවානම් put කියන button  එක click කරලා trade එක තහවුරු කරන්න​.Trade එකක් කරන විදිය පහත video එකෙන් බලාගන්න පුලුවන්.

Friday, July 14, 2017

Binary Option ගිණුමක් හදමු

Binary Option Trade කිරීමට ඔයාට Binary Option  ගිණුමක් තියෙන්න ඕන​.ගිණුමක් හදනවා කියන එකේ තේරුම තමයි ඔයා Binary Option Trade කිරීමේ පහසුකම ලබා දෙන සමාගමක ලියාපදිංචි වෙනවා කියන එකයි.මෙලෙසින් Binary Option Trade කිරීමේ පහසුකම ලබා දෙන  සමාගමකට අපි Binary Option Broker කෙනෙක් කියලා තමයි හදුන්වන්නෙ.

අපි ඔයලට හදුන්වා දෙන IQ Option කියන Broker සමග තමයි මේ වෙනකොට ලෝකයේ වැඩිම පිරිසක් Binary Option කරන්න ලියාපදිංචි වෙල ඉන්නේ.ඉතා පහසුවෙන් මුදල් ලබා ගැනීමේ හා තැන්පත් කිරීමේ හැකියාවත්,ඕනම ගැටලුවකට ඉතා ඉකමනින් විසදුම් ලබා ගැනීමේ පහසුව නිසා තමයි IQ Option මෙතරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ.ගිණුමක් සාදා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න​.


Step 01

පහත Link එක Click කරලා IQ Option වෙබ් අඩවියට ප්‍රවේශ වන්න 
 

Step 02
ඔබට පහත ආකාරයේ වෙබ් පිටුවක් විවෘත වනු ඇත




















Step 03
E mail හා  Password ඇතුලත් කිරීම​




















1. ඔබගේ Email ලිපිනය නිවරදිව ඇතුලත් කරන්න​.මෙහිදී ඔබ නිතර භාවිත කරන හෝ ඔබට අමතක
නොවන Emailඑකක් ලබා දෙන්න​.

2. ඔබට මතක තබගත හැකි Password එකක් ලබා දෙන්න​.ඔබට Email හා Password  අමතක උනොත් ගිණුමත ඇතුල් වීමට නොහැක​,එම නිසා හා නිවරදිව මතක තබා ගන්න​.

Email හා Password ඇතුලත් කර  TRY NOW  click කරන්න​

Step 04






























ලියාපදිංචි වීමේ පළමු පියවර සාර්ථක බවත් ගිණුම තහවුරු කිරීමේ  Email පණිවුඩය ඔබ කලින් ලබාදුන් Email ලිපිනයට යැවු බවත් මෙම පිටුවෙන් දැක් වේ.ඔබ දැන් ඔබ කලින් ලබාදුන් Email ගිණුමට ඇතුල් වී IQ Option මගින් එවන ලද Email පණිවුඩය විවෘත කරගන්න​.

Step 05
iQ Option ගිණුමෙ ලියාපදිංචිය තහවුරු කිරීම​



ඔබට පහත ආකාරයේ Email පණිවුඩයක් ලබිලා ඇති.එම පණිවුඩය විවෘත කරගෙන CONFIRM REGISTRATION  යන්න Click  කරන්න​.

Step 06





























මෙවැනි පිටුවක් ඔබට ලැබුනේනම් ඔබේ ගිණුමේ ලියාපදිංචිය සාර්ථකව අවසන් වී ඇත​. දැන් ඔබට තිබෙන්නෙ  ඔබේ තොරතුරු Binary Option ගිණූමට ඇතුලත් කිරීමයි.තොරතුරු ඇතුලත් කිරීමට පහත පියවර අනුගමනය කරමින් අදාල ස්ථානයට පිවිසෙන්න​.

Step 07































Step 08































Step 09

IQ Option ගිණුමට තොරතුරු ඇතුලත් කිරීම​


ඔබ ඉහත 7 හා 8 පියවර නිවරදිව අනුගමනය කලේනම් පහත ආකාරයේ වෙබ් පිටුවක් ඔබට ලබේ.හොදට මතක තියාගන්න් ඔබ ඇතුලත් කරන තොරතුරු ඔබේ හැදුනුම් පතේ ඇති ආකාරයට නිවරදිව ඇතුලත් කරන්න​.






























  1. Frist Name (පළමු නම​ ) - මෙහිදී ඔබේ හැදුනුම් පතේ සදහන් සම්පූර්ණ නමෙන් මුල් කොටස් ටික​ ඇතුලත් කරනවා.පහත උදාහරණය බලන්න​
          සම්පූර්ණ නම​                =  Arachchige Akila Thushara Silva

          ඇතුලත් කරන කොටස  =  Arachchige Akila Thushara

      2. Last Name (අවසන් නම​) = ජාතික හැදුනුම්පතේ ඇති සම්පූර්ණ නමේ අවසන් කොටස​.පහත                          උදාහරණය බලන්න​
         
          සම්පූර්ණ නම​                =  Arachchige Akila Thushara Silva



          ඇතුලත් කරන කොටස  =  Silva
  
     3.Gender (ස්ත්‍රී පුරුෂ භාවය​) = Male (පුරුෂ ),Female (ස්ත්‍රී) අදාල එක තෝරන්න​

     4.Birth Date ( උපන් දිනය​)  = නිවරදිව උපන් දිනය යොදන්න​

    5. Country ( රට  ) = Sri Lanka  ලෙසම තබන්න​

    6. City ( නගරය​ ) = ඔබේ හැදුනුම්පතේ ඇති ලිපිනයේ ඇති  නගරය ලබාදෙන්න​

    7. ZIP (තැපැල් සංකේතය)​ = ඔබේ නගරයට අදාල තැපැල් සංකේතය යොදන්න​.ඔබට තැපැල් සංකේතය             සොයාගත යුතුනම් මෙම වෙබ් අඩවියට http://www.slpost.gov.lk ගොස් ඔබේ නගරයට අදාල තැපැල්           සංකේතය සොයා ගන්න​.ඔබට තැපැල් සංකේතය සොයාගත නොහැකිනම් අපගේ සහය ලබාගන්න​.

    8. Address (ලිපිනය​) = ඔබේ හැදුනුම්පතේ ඇති ආකාරයටම ලිපිනය ඇතුලත් කරන්න​

    9.Nationality ( ජාතිය​) = Sri Lankan ලෙස යොදන්න​
     
   10. ඔබ ඇතුලත් කල තොරතුරු නැවත පරීක්ෂාකර බලා නිවරදිනම්  Save කරන්න​


හරි අපි දැන් තොරතුරු ඇතුලත් කරලා ඉවරයි.දැන් ඔයාට ඉතුරු වෙලා තියෙන්නෙ දුරකථන අංකය ඇතුලත් කරන එක විතරයි,දුරකතන අංකය පහත පරිදි ඇතුලත් කරන්න​.





























එක 94 විදියට තියන්න​,දෙවෙනි කොටුවට ඔයාගෙ දුරකථන අංකයේ මුලට එන 0 නැතිව ඉතිරි ටික ඇතුලත් කරන්න.


උදා- 94 - 774411225

දුරකථන අංකය නිවරදිව ඇතුලත් කරලා Get the Code කියන  එක Click කරන්න​.දැන් ඔයා දුන්න දුරකථන අංකයට IQ Option එකෙන් අංක 6ක් තියෙන SMS එකක් එයි,ඒ අංක 6 පහත පරිදි ඇතුලත් කරලා Send කියන එක Click කරන්න​.

ඔබ නිවරදිව අංක 6 ඇතුලත් කරානම් පහත ආකාරයේ වෙබ් පිටුවල් ලැබෙයි































හරි දැන් ඔබ නිවරදිව ගිණූම සාදා අවසන්.Binary Option කරන්න අවශ්‍ය වෙන IQ Option Tradin App (Software) එක Download කරගන්න විදිය ඔයාට ඊලග ලිපියෙන් ඉගෙන ගන්න පුලුවන්.




Thursday, July 13, 2017

Binary Option යනු කුමක්ද​?

අපි Binary Option වලට සරලව තේරුම් ගන්න පුලුවන් නිර්වචනයක් හදමු.මෙතන ඉදන් ඉදිරියට යන්න කලින් ලිපිවල දැනුම වැදගත් වෙනවා. ඒක හින් ද එම ලිපි දෙක කියවන්න අමතක කරන්න එපා.binary Option පහත පරිදි හැදින්විය හැකියි.

Curtency Pair එකක හුවමාරු අනුපාතය ඉදිරියේදී වෙනස් වන ආකාරය අනුමාණ​/පුරෝකථනය කිරීමේන් ලාභ ලැබිය හැකි ක්‍රමයකි.මෙහිදී ඔබ ඉදිරියේදි හුවමාරු අනුපාතය ඉහල යයි ද​? පහල යයිද​? යන්න නිවරදිව අනුමාණ කල යුතුයි.ඔබේ අනුමාණය නිවරදි උනොත් ඔබට ලාභයක් හිමිවන අතර,අනුමාණය වැරදුනොත් අලාභයක් ද මෙහිදී දැරීමට සිදු වේ.

       "EUR/USD හුවමාරු අනුපාතය ඉදිරියේදි ඉහල යයි"

ඉහත තියෙන්නෙත් හුවමාරු අනුපාතය ගැන කරපු අනුමාණයක්/පුරෝකථනයක් නේ.නමුත් Binary Option වලදි ටිකක් වෙනස් විදියටයි ඔය අනුමාණය කරන්න ඕනේ.

- මොකක්ද වෙනස​?
ඉහත අනුමාණයේ අපි නිශ්චිතවන කාලයක් දක්වලා නෑ.ඉදිරියේ කිව්වම ඒක මිනිත්තුවක් වෙන්න පුලුවන්,මිනිත්තු 5ක් වෙන්න පුලුවන්,මිනිත්තු 15ක්,පැයක්,දවසක්  වෙන්නත් පුලුවන්.ඒ කියන්නෙ නිශ්චිත කාලයක් නැති බවයි.නමුත් අපි Binary Option වලදි අනුමාණ කරන කාලය නිශ්චිතවම දක්වන්න ඕන​.පහත පරිදි

  • EUR/USD හුවමාරු අනුපාතය මිනිත්තු 1 කදි ඉහල යයි
  • EUR/USD හුවමාරු අනුපාතය මිනිත්තු 5 කදි ඉහල යයි
  • EUR/USD හුවමාරු අනුපාතය මිනිත්තු 15 කදි ඉහල යයි
අන්න ඒහම කාලය නිශ්චිතවම දක්වන්න ඕන​.ඔය නිශ්චිත කාලය අවසන් වෙනකොට අපි අනුමාණ කරපු විදියට හුවමාරු අනුපාතය වැඩි වෙලා තියෙන්න ඕන​,ඒහම උනොත් තමයි ඔයාට ලාභයක් ලැබෙන්නෙ.දැන් ඔය අපි කතා කරපු නිශ්චිත කාලයට අපි Binary Option  කරනකොට කියන්නෙ expiry time කියලයි.

-අපිට තෝරන්න පුලුවන් expiry time මොනවාද​?

දැන් ඔය expiry time  එක ඔයාට ඕන ඕන විදියට දාන්න ලැබෙන්නෙ නෑ,ඔයාට තෝරන්න පුලුවන් expiry time ටික ඔයා  Binary Option කරන්න  සම්බන්ද වෙන Binary Option Broker අනුව වෙනස් වෙනවා.අපි හරහා ඔයලට සම්බන්ද වෙන්න කියන  IQ Option Borker එක්ක Trade  කරනකොට පහත expiry time ඔයාට තෝරන්න පුලුවන්


  • මිනිත්තු 1
  • මිනිත්තු 2
  • මිනිත්තු 3
  • මිනිත්තු 4
  • මිනිත්තු 5
  • මිනිත්තු 15
  • මිනිත්තු 30
  • මිනිත්තු 45
  • මිනිත්තු 60
  • දවස​
  • සතිය​
  • මාසය​

ඉතින් අපි Trade එකක් (අනුමාණයක්) කරනකොට ඉහත expiry time වලින් එකක් තෝරලා තමයි trade එක (අනුමාණ) කරන්න ඕන​.පහත දැක්වෙන පරිදි

  "EUR/USD හුවමාරු අනුපාතය​ මිනිත්තු 15 කදී ඉහල යයි"

දැන් trade එක දාපු වෙලාවෙ ඉදන් මිනිත්තු 15ක් ඉවර වෙනකොට EUR/USD   හුවමාරු අනුපාතය ඉහල ගිහින් තිබුනොත් ඔයා trade එක Win කරනවා එතකොට ඔයාට ලාභයක් ලැබෙනවා මේ ගැන ඉස්සරහට තව පැහැදිළි කරන්නම්.

ලැබිය​ හැකි ලාභ ප්‍රතිශතය (Expected Profit Percentage )

Binary Option වලදි ඔයාට ලැබෙන්නෙ ස්ථාවර ලාභ ප්‍රතිශතයක්.බොහෝ විට මෙම ලාභ ප්‍රතිශතය ආයෝජනය කරන මුදලින් 80% කට වැඩි වෙනවා.
අපි හිතමුකෝ ඔයා EUR/USD හුවමාරු අනුපාතය මිනිත්තු 5 කදි ඉහල යනවා කියලා ඩොලර් 10 ක් යොදවලා trade එකක් කෙරුවා කියලා.එතකොට ඔයා හිතපු විදියටම මිනිත්තු 5ක් අවසානයේ හුවමාරු අනුපාතය ඉහල ගියානම් ඔයාට පහත පරිදි ලාභයක් ලැබෙනවා.ලාභ ප්‍රතිශතය 80% ක් නම්,




ඔයා trade එකට යොදපු ඩොලර් 10ට අමතරව ඩොලර් 8ක ලාභයකුත් සමග මුලු ප්‍රතිලාභය ලෙස ඩොලර් 18ක් ලැබෙනවා.හැබයි යම් විදියකින් ඔයා අනුමාන කරපු විදිය වැරදිලා මිනිත්තු 5 අවසානයේ EUR/USD හුවමාරු අනුපතය පහල ගියානම් ඔයා trade එක සදාහා යොදවපු ඩොලර් 10 අහිමි වෙනවා.

Call Trade (Buy Trade) සහ Put Trade ( Sell Trade) හදුනා ගමු

අපි Binary Option ගැන පැහැදිළි කරපු හැම තැනකම කිව්වේ Currency Pair එකක හුවමාරු අනුපාතය වෙනස්වීම අනුමාණය කිරීම තමයි Binary Option වලදි සිදුවෙන්නෙ කියලයි.ඔව් ඒක හරි ඇත්තටම වෙන්නෙ අනුමාණ කිරීමක් තමයි,නමුත් සාමාන්‍යයෙන් අපි Binary Option කරනකොට ඔය අනුමාණ කිරීම Trade කිරීමක් ලෙස හදුන්වනවා.භාවිත කරන වචනෙ වෙනස් උනාට ඇත්තටම සිදුවෙන්නෙ අනුමාණ කිරීමක් තමයි.අපිට පහත පරිදි Trade (ගණුදෙණු) වර්ග දෙකක් හදුනාගන්න පුලුවන්.

Call Trade ( Buy Trade)
Currency Pair එකක හුවමාරු අනුපාතය ඉදිරියේදි ඉහල යයි කියලා ඔයා අනුමාණ කරලා මුදලක් යොදවනවානම් අපි ඒකට කියන්නෙ  Call Trade එකක් එහමත් නැතිනම් Buy Trade එකක් කියලයි.සරලයි වෙනස් වෙන්නෙ වචනය විතරයි.

Put Trade ( Sell Trade)
Currency Pair එකක හුවමාරු අනුපාතය ඉදිරියේදි පහල යයි කියලා අනුමාණ කරමින් මුදල් යොදවලාTrade එකක් කලොත් ඒකට අපි කියන්නෙ Put Trade එකක් එහමත් නැතිනම් Sell Trade එකක් කියලයි.


හරි දැන් මේ ලිපිය කියවලා ඉගන ගත්තු දේවල් ටික සාරාංශ කරමු.ඔයාට මේවා ගැන අවබෝධයක් තියෙන්න ඕන​


  1. Binary Option යනු කුමක් ද​?
  2. Expiry Time යනු කුමක් ද​?
  3. Call Trade හා Put Trade පහැදිළි කරන්න​
  4. Binary Option වලින් ලාභ ලැබෙන ආකාරය​


Tuesday, July 11, 2017

විදේශ විනිමය අනුපාතිකය (Foreign Exchange Rate )

Binary Option කරන්න විදේශ  විනිමය අනුපාතිකය ගැන අවබෝදයක් ඔයාට තියෙන්න ඕන​.මොකද අපි Binary Option වලදි කරන්නෙ මේ විදේශ විනිම අනුපාතික ඉදිරියේදි වෙනස් වන ආකාරය (අනුපාතය ඉහල යයිද​? පහල යයිද​? ) අනුමාණය/පුරෝකථනය (predict) කිරීමයි.

එක් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් සමග හුවමාරුවන අනුපාතය විදේශ විනිමය අනුපාතිකය ලෙස හදුන්වයි.
මෙහෙම හිතන්නකො අපි ශ්‍රි ලංකාව හා ඇමරිකාව අතර විදේශ විනිමය අනුපාතය හැදෙන ආකාරය සලකලා බලමු.රටවල් දෙකේ මුදල් වර්ග පහත ලෙස දැක්විය හැකියි.

ඇමරිකාව (ඇමරිකාණු ඩොලර්)
ශ්‍රි ලංකාව ( ශ්‍රි ලංකා රුපියල්)

මගේ ලග තියෙන රුපියල් ටික ඩොලර් වලට මාරු කරගන්න මට අද එක ඩොලර් එකකට රුපියල් 154ක් විතර ගෙවන්න වෙනවා.ඒ කියන්නෙ ඇමරිකන් ඩොලර් හා ශ්‍රි ලංකා රුපියල් අතර විදේශ විනිමය අනුපාතය 154 කි.


මේකෙ සරල අදහස තමයි ඇමරිකන් ඩොලර් 1ක් මිලදී ගන්න රුපියල් 154ක් ඕන කියන එක​.මේක හොදට මතක තියාගන්න අපි Binary Option කරනකොට  currency pair (මුදල් යුගල) එකක් වත්කමක් (Assest ) ලෙස සලකනවා.ඒ වගේම එකෙ හුවමාරු අනුපාතය එම වත්කමේ මිල​(වටිනාකම​) ලෙස සලකනවා.ඒ අනුව binary option වලදි අපිට කරන්න තියෙන්නෙ අපි තෝරගන්න වත්කමේ (currency pair එකේ )  වටිනාකම ( හුවමාරු අනුපාතය​) ඉදිරියේදී අඩු වෙයිද​? වැඩි වෙයිද​? කියන එක තීරණය කිරීමයි.තව ඉදිරියට තව දුරටත් මේක ගැන පැහැදිළි කරන්නම්.

හුවමාරු අනුපාතිකය අඩු වීම හා වැඩි වීම​

currency pair එකක හුවමාරු අනුපාතය අඩු වීම හා වැඩි වීම සිදුවන්නෙ එක් මුදල් වර්ගයක් අනෙක් මුදල් වර්ගයට සාපේක්‍ෂව අගය අඩුවීම හා අගය වැඩිවීම මතයි.මෙහෙම කිව්වට මේක තෙරුම් ගන්න අමරු වෙයි,අපිට මේවා කට පාඩම් කරල තියාගන්න නෙමේ ඕන ප්‍රායෝගිකව මේ දේවල් සිදු වෙන ආකාරය සරලව තේරුම් ගන්න එකයි.අපි උදාහරණයකින් මේක පැහැදිලි  කරගමු.

EUR/USD කියන currency pair එක සැලකිල්ලට ගමු,එහි හුවමාරු අනුපතය පහත අකාරයට දැක්විය හැකිය​

                                                      1 EUR/ USD = 1.13931


මේකෙ අදහස වෙන්නෙ යුරෝ 1ක් මිලත ගන්න ඇමරිකන් ඩොලර් 1.13931ක් ඕන කියන එකයි.එසේනම්

01.හුවමාරු අනුපාතය ඉහල යාමට කුමක් සිදුවිය යුතුද​?

කලින් යුරෝ එකක් මිලට ගන්න ඇමරිකන් ඩොලර් 1.13931ක් ඕන උනානෙ,ඉතින් හුවමාරු අනුපාතය වැඩි වෙන්නනම් යුරෝ එකක් මිලට ගන්න ඕන කරන ඇමරිකන් ඩොලර් ගාන 1.13931 ට වඩා වැඩි වෙන්න ඕන​. එහම යුරෝ එකක් මිලට ගන්න ඕන වෙන ඩොලර් ගාන වැඩි වෙන්න බලපාන හේතූන් 2ක් හදුන ගන්න පුලුවන්.

 ඇමරිකන් ඩොලරයේ අගය අඩුවීම (දුර්වල වීම​)
යුරෝ මුදල් ඒකකයේ අගය නොවෙනස්ව පවතින අවස්ථාවක ඩොලරයේ අගය අඩු වීම සිදු වුනොත් යුරෝ එකක් මිලට ගන්න ගෙවන්න ඕන ඩොලර් ගාන වැඩි වෙනවා,එහෙම වෙන්න හේතුව තමා කලින් තිබුනට වඩා දැන් ඩොලරයේ වටිනාකම අඩුයි ඒ නිසා වැඩි ඒකක ගානක් වැය කරන්න වෙනවා.

යුරෝ මුදල් ඒකකයේ අගය ඉහල යාම ( ශක්තිමත් වීම​)
ඇමරිකන් ඩොලරයේ අගය නොවෙනස්ව පවතින අවස්ථාවක යුරෝ මුදල් ඒකකයේ වටිනාකම ඉහල යාමක් සිදු උනොත් යුරෝ එකක් මිලට ගන්න ගෙවන්න වෙන ඩොලර් ගාන ඉහල යනවා,ඒකට හේතුව තමා යුරෝ මුදල් ඒකකය කලින් පැවතියාට වඩා වටිනා කමින් වැඩි වීමයි.


02.හුවමාරු අනුපාතය පහල යාමට කුමක් සිදුවිය යුතුද​?

කලින් යුරෝ එකක් මිලට ගන්න ඇමරිකන් ඩොලර් 1.13931ක් ඕන උනානෙ,ඉතින් හුවමාරු අනුපාතය අඩු වෙන්නනම් යුරෝ එකක් මිලට ගන්න ඕන කරන ඇමරිකන් ඩොලර් ගාන 1.13931 ට වඩා අඩු වෙන්න ඕන​. එහම යුරෝ එකක් මිලට ගන්න ඕන වෙන ඩොලර් ගාන අඩු වෙන්න බලපාන හේතූන් 2ක් හදුන ගන්න පුලුවන්.

 ඇමරිකන් ඩොලරයේ අගය වැඩිවීම (ශක්තිමත් වීම) 
යුරෝ මුදල් ඒකකයේ අගය නොවෙනස්ව පවතින අවස්ථාවක ඩොලරයේ අගය වැඩි වීම සිදු වුනොත් යුරෝ එකක් මිලට ගන්න ගෙවන්න ඕන ඩොලර් ගාන අඩු වෙනවා,එහෙම වෙන්න හේතුව තමා කලින් තිබුනට වඩා දැන් ඩොලරයේ වටිනාකම වැඩියි ඒ නිසා යුරෝ එකක් මිලට ගන්න ගෙවන්න වෙන්නෙ අඩු ඒකක ගානක්

යුරෝ මුදල් ඒකකයේ අගය  අගය අඩුවීම (දුර්වල වීම​ ​)
ඇමරිකන් ඩොලරයේ අගය නොවෙනස්ව පවතින අවස්ථාවක යුරෝ මුදල් ඒකකයේ වටිනාකම පහල යාමක් සිදු උනොත් යුරෝ එකක් මිලට ගන්න ගෙවන්න වෙන ඩොලර් ගාන පහල යනවා,ඒකට හේතුව තමා යුරෝ මුදල් ඒකකය කලින් පැවතියාට වඩා වටිනා කමින් අඩු වීමයි.


තනි මුදල් ඒකකයක අගය අඩු වීම හෝ වැඩි වීම එහමත් නැතිනම් ශක්තිමත් වීම හා දුර්වල වීම තීරනය වෙන්නෙ මුදල් වෙළදපලේ ඒ මුදල් වර්ගයට ඇති ඉල්ලුම සැපයුම අනුවයි.ඕවා ඔයාට ඉස්සහරට ඉගෙන ගන්න පුලුවන් දැන් ඒ ගැන වැඩිය හිතන්න යන්න එපා.



පළමු ලිපි දෙකෙන් විදේශ විනිමය වෙළදපළ ගැන ඔයාට සරළ අවබෝධයක් ලබා දෙන්නයි උත්සහ කෙරුවෙ,ඉතින් ගැන කතා කරන්න කලින් පහත කරුණු පිළිබද අවබෝදයක් තියෙනවද කියලා බලන්න​.මතක නැතිනම් ආයේ කියවලා හරි පැහැදිළි කරගන්න​.


  • විදේශ විනිමය වෙළදපළ යනු කුමක් ද?
  • Currency pair එකක් යනු කුමක් ද​?
  • විනිමය අනුපාතය යනු කුමක් ද​?
  • විනිමය අනුපාතය අඩු වැඩි වීන ප්‍රායෝගිකව තේරුම් ගැනීමේ හැකියාව​

   
ඔය ටිකත් මතක තියාගෙන අපි ඊ ලග පාඩමෙන් Binary Option  කියන්නෙ මොකක්ද කියලා ඉගෙන ගන්න පටන් ගමු. 

Sunday, July 9, 2017

විදේශ විනිමය වෙළදපළ (Foreign Exchange Market/Forex Market)

විදේශ විනිමය වෙළදපළ යනු මුදල් වර්ග මිලදී ගැනීම,විකිනීම හා හුවමාරුව සිදුවන වෙළදපොළයි.එනම් එක් මුදල් වර්ගයක් තවත් මුදල් වර්ගයකට හුවමාරු වන වෙළදපළ විදේශ විනිමය වෙළදපළයි.මෙය බැංකු,වාණිජ සමාගම්,මහ බැංකු,ආයෝජන කළමණකරන සමාගම් හා ආයෝජකයින් ගෙන් සමන්විත වේ.

මෙහෙම හිතන්නකො ඔයාට හදිසියේ විදේශ රටකට යන්න වෙනවා කියලා,අපි හිතමු ඔයා ඇමරිකා යන්න හදන්නෙ කියලා.දැන් ඔයාට ඇමරිකාවට ගිහින් ඔයාගෙ අතේ තියෙන රුපියල් වලින් එහිදි වියදම් කරන්න පුලුවන් කමක් නෑ.ඒක නිසා ඔයා රට යන්න කලින් මුදල් හුවමාරු කරන තැනකට හරි බැංකුවකට හරි ගිහින් ඔයා ලග තියෙන රුපියල් දීලා ඩොලර් ඉල්ලගන්න වෙනවා.ඔන්න ඔය වගේ අවස්ථාවක ඔයත් වෙදේශ විනිමය වෙළදපලේ මුදල් හුවමාරුවකට සම්භන්ද වෙනවා.
ඔයා මෙතනදි වෙදේශ විනිමය වෙළදපලට සම්භන්ද උනේ බැංකුවක් හරි මුදල් හුවමාරු කරන ආයතනයක් හරහායි. Binary Option හා Forex කියන මේ ආයෝජන ක්‍රම දෙකම කෙලින්ම සම්භන්ද වෙලා තියෙන්නෙ මේ විදේශ විනිමය වෙළදපළ සමගයි,ඒ නිසා විදේශ විනිමය වෙළදපල පිළිබද හා එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබද යම් අවබෝදයක් ඔබට තිබිය යුතුයි.අපි ඉදිරියට විදේශ විනිමය වෙළදපළ පිළිබද තවත් සංකල්ප කිහිපයක් සරළව ඉගෙනගමු.


මුදල් යුගල ( Currency Pair)

Currency Pair එකක් කියන්නෙ හුවමාරුවට ලක්වෙන මුදල් වර්ග දෙකක එකතුවකටයි.අපි උදාහරණයකින් පැහැදිළි කරගමු.
මෙහෙම හිතන්නකෝ ඔයා ලග තියෙන රුපියල් බැංකුවට දීලා ඔයා ඩොලර් වලට මාරු කරගන්නවා කියලා.එතකොට අපිට ඉහත ගණුදෙනුවට අදාල මුදල් යුගලය (Currency Pair ) පහත ආකාරයට ලියන්න පුලුවන්.




USD =  ඇමරිකන් ඩොලර්
LKR =  ශ්‍රිලංකා රුපියල්








Currency pair එකක පළමු මුදල් වර්ගය Base Currency ලෙස හදුන්වනවා.ඉහත උදාහරණයට අණුව Base Currency එක වෙන්නෙ ඇමරිකාණු ඩොලර්.Currency pair එකක දෙවනි මුදල් වර්ගය Qoute Currency  ලෙස හදුන්වනවා. ඉහත උදාහරණයට අනුව Qoute Currency එක වන්නේ ශ්‍රි ලංකා රුපියල්.මේවා ඔක්කොම කට පාඩම් කරලා මතක තියාගන්න ඕනෙ වෙන්නෙ නෑ,ටිකක් කියවලා සරලව තේරුම් ගන්න​.

Major and Minors Currency Pairs හදුනා ගනිමු


Currency pairs, Major හා Minors ලෙස වෙන් කරණු ලබන්නේ එම Currency Pairs වල ජනප්‍රිය තාව මතයි. එනම් ලෝකයේ වැඩියෙන්ම ගණූදෙණු වනCurrency Pairs, Major  Currency Pairs ලෙස හදුන්වන අතර​,සාපේක්‍ෂව අඩුවෙන් ගණුදෙණු වන  Currency Pairs,Minor Currency Pairs
ලෙස හදුන්වනවා.


Major Currency Pairs

  • EUR/USD  (
  • යුරෝ/ඇමරිකන් ඩොලර්
  •  )
  • USD/JPY (
  • ඇමරිකන් ඩොලර්/ජපන් යෙන්
  •  )
  • GBP/USD (
  • බ්‍රිතාන්‍ය පවුම්/ඇමරිකන් ඩොලර්
  • )
  • USD/CAD (
  • ඇමරිකන් ඩොලර්/කැනේඩියන් ඩොලර්
  •  )
  • USD/CHP (
  • ඇමරිකන් ඩොලර්/ස්විස් ෆ් රැන්ක්
  • )
  • AUD/USD (
  • ඕස්ට්‍රේලියන් ඩොලර් / ඇමරිකන් ඩොලර්
  • )
  • NZD/USD (නවසීලන්ත ඩොලර් / ඇමරිකන් ඩොලර්)

Minor Currency Pairs

  • EUR/GBP (
  • යුරෝ/බ්‍රිතාන්‍ය පවුම්
  • )
  • EUR/AUD (
  • යුරෝ/ඕස්ට්‍රේලියන් ඩොලර් )
  • GBP/JPY ( 
  • බ්‍රිතාන්‍ය පවුම්/ජපන් යෙන්
  • )
  • CHP/JPY ( 
  • ස්විස් ෆ්‍ රැන්ක් / ජපන් යෙන්)
  • NZD/CAD (
  • නවසීලන්ත ඩොලර් / කැනේඩියන් ඩොලර්
  •  )
  • GBP/CAD (බ්‍රිතාන්‍ය පවුම්/කැනේඩියන් ඩොලර්)