Tuesday, July 11, 2017

විදේශ විනිමය අනුපාතිකය (Foreign Exchange Rate )

Binary Option කරන්න විදේශ  විනිමය අනුපාතිකය ගැන අවබෝදයක් ඔයාට තියෙන්න ඕන​.මොකද අපි Binary Option වලදි කරන්නෙ මේ විදේශ විනිම අනුපාතික ඉදිරියේදි වෙනස් වන ආකාරය (අනුපාතය ඉහල යයිද​? පහල යයිද​? ) අනුමාණය/පුරෝකථනය (predict) කිරීමයි.

එක් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් සමග හුවමාරුවන අනුපාතය විදේශ විනිමය අනුපාතිකය ලෙස හදුන්වයි.
මෙහෙම හිතන්නකො අපි ශ්‍රි ලංකාව හා ඇමරිකාව අතර විදේශ විනිමය අනුපාතය හැදෙන ආකාරය සලකලා බලමු.රටවල් දෙකේ මුදල් වර්ග පහත ලෙස දැක්විය හැකියි.

ඇමරිකාව (ඇමරිකාණු ඩොලර්)
ශ්‍රි ලංකාව ( ශ්‍රි ලංකා රුපියල්)

මගේ ලග තියෙන රුපියල් ටික ඩොලර් වලට මාරු කරගන්න මට අද එක ඩොලර් එකකට රුපියල් 154ක් විතර ගෙවන්න වෙනවා.ඒ කියන්නෙ ඇමරිකන් ඩොලර් හා ශ්‍රි ලංකා රුපියල් අතර විදේශ විනිමය අනුපාතය 154 කි.


මේකෙ සරල අදහස තමයි ඇමරිකන් ඩොලර් 1ක් මිලදී ගන්න රුපියල් 154ක් ඕන කියන එක​.මේක හොදට මතක තියාගන්න අපි Binary Option කරනකොට  currency pair (මුදල් යුගල) එකක් වත්කමක් (Assest ) ලෙස සලකනවා.ඒ වගේම එකෙ හුවමාරු අනුපාතය එම වත්කමේ මිල​(වටිනාකම​) ලෙස සලකනවා.ඒ අනුව binary option වලදි අපිට කරන්න තියෙන්නෙ අපි තෝරගන්න වත්කමේ (currency pair එකේ )  වටිනාකම ( හුවමාරු අනුපාතය​) ඉදිරියේදී අඩු වෙයිද​? වැඩි වෙයිද​? කියන එක තීරණය කිරීමයි.තව ඉදිරියට තව දුරටත් මේක ගැන පැහැදිළි කරන්නම්.

හුවමාරු අනුපාතිකය අඩු වීම හා වැඩි වීම​

currency pair එකක හුවමාරු අනුපාතය අඩු වීම හා වැඩි වීම සිදුවන්නෙ එක් මුදල් වර්ගයක් අනෙක් මුදල් වර්ගයට සාපේක්‍ෂව අගය අඩුවීම හා අගය වැඩිවීම මතයි.මෙහෙම කිව්වට මේක තෙරුම් ගන්න අමරු වෙයි,අපිට මේවා කට පාඩම් කරල තියාගන්න නෙමේ ඕන ප්‍රායෝගිකව මේ දේවල් සිදු වෙන ආකාරය සරලව තේරුම් ගන්න එකයි.අපි උදාහරණයකින් මේක පැහැදිලි  කරගමු.

EUR/USD කියන currency pair එක සැලකිල්ලට ගමු,එහි හුවමාරු අනුපතය පහත අකාරයට දැක්විය හැකිය​

                                                      1 EUR/ USD = 1.13931


මේකෙ අදහස වෙන්නෙ යුරෝ 1ක් මිලත ගන්න ඇමරිකන් ඩොලර් 1.13931ක් ඕන කියන එකයි.එසේනම්

01.හුවමාරු අනුපාතය ඉහල යාමට කුමක් සිදුවිය යුතුද​?

කලින් යුරෝ එකක් මිලට ගන්න ඇමරිකන් ඩොලර් 1.13931ක් ඕන උනානෙ,ඉතින් හුවමාරු අනුපාතය වැඩි වෙන්නනම් යුරෝ එකක් මිලට ගන්න ඕන කරන ඇමරිකන් ඩොලර් ගාන 1.13931 ට වඩා වැඩි වෙන්න ඕන​. එහම යුරෝ එකක් මිලට ගන්න ඕන වෙන ඩොලර් ගාන වැඩි වෙන්න බලපාන හේතූන් 2ක් හදුන ගන්න පුලුවන්.

 ඇමරිකන් ඩොලරයේ අගය අඩුවීම (දුර්වල වීම​)
යුරෝ මුදල් ඒකකයේ අගය නොවෙනස්ව පවතින අවස්ථාවක ඩොලරයේ අගය අඩු වීම සිදු වුනොත් යුරෝ එකක් මිලට ගන්න ගෙවන්න ඕන ඩොලර් ගාන වැඩි වෙනවා,එහෙම වෙන්න හේතුව තමා කලින් තිබුනට වඩා දැන් ඩොලරයේ වටිනාකම අඩුයි ඒ නිසා වැඩි ඒකක ගානක් වැය කරන්න වෙනවා.

යුරෝ මුදල් ඒකකයේ අගය ඉහල යාම ( ශක්තිමත් වීම​)
ඇමරිකන් ඩොලරයේ අගය නොවෙනස්ව පවතින අවස්ථාවක යුරෝ මුදල් ඒකකයේ වටිනාකම ඉහල යාමක් සිදු උනොත් යුරෝ එකක් මිලට ගන්න ගෙවන්න වෙන ඩොලර් ගාන ඉහල යනවා,ඒකට හේතුව තමා යුරෝ මුදල් ඒකකය කලින් පැවතියාට වඩා වටිනා කමින් වැඩි වීමයි.


02.හුවමාරු අනුපාතය පහල යාමට කුමක් සිදුවිය යුතුද​?

කලින් යුරෝ එකක් මිලට ගන්න ඇමරිකන් ඩොලර් 1.13931ක් ඕන උනානෙ,ඉතින් හුවමාරු අනුපාතය අඩු වෙන්නනම් යුරෝ එකක් මිලට ගන්න ඕන කරන ඇමරිකන් ඩොලර් ගාන 1.13931 ට වඩා අඩු වෙන්න ඕන​. එහම යුරෝ එකක් මිලට ගන්න ඕන වෙන ඩොලර් ගාන අඩු වෙන්න බලපාන හේතූන් 2ක් හදුන ගන්න පුලුවන්.

 ඇමරිකන් ඩොලරයේ අගය වැඩිවීම (ශක්තිමත් වීම) 
යුරෝ මුදල් ඒකකයේ අගය නොවෙනස්ව පවතින අවස්ථාවක ඩොලරයේ අගය වැඩි වීම සිදු වුනොත් යුරෝ එකක් මිලට ගන්න ගෙවන්න ඕන ඩොලර් ගාන අඩු වෙනවා,එහෙම වෙන්න හේතුව තමා කලින් තිබුනට වඩා දැන් ඩොලරයේ වටිනාකම වැඩියි ඒ නිසා යුරෝ එකක් මිලට ගන්න ගෙවන්න වෙන්නෙ අඩු ඒකක ගානක්

යුරෝ මුදල් ඒකකයේ අගය  අගය අඩුවීම (දුර්වල වීම​ ​)
ඇමරිකන් ඩොලරයේ අගය නොවෙනස්ව පවතින අවස්ථාවක යුරෝ මුදල් ඒකකයේ වටිනාකම පහල යාමක් සිදු උනොත් යුරෝ එකක් මිලට ගන්න ගෙවන්න වෙන ඩොලර් ගාන පහල යනවා,ඒකට හේතුව තමා යුරෝ මුදල් ඒකකය කලින් පැවතියාට වඩා වටිනා කමින් අඩු වීමයි.


තනි මුදල් ඒකකයක අගය අඩු වීම හෝ වැඩි වීම එහමත් නැතිනම් ශක්තිමත් වීම හා දුර්වල වීම තීරනය වෙන්නෙ මුදල් වෙළදපලේ ඒ මුදල් වර්ගයට ඇති ඉල්ලුම සැපයුම අනුවයි.ඕවා ඔයාට ඉස්සහරට ඉගෙන ගන්න පුලුවන් දැන් ඒ ගැන වැඩිය හිතන්න යන්න එපා.



පළමු ලිපි දෙකෙන් විදේශ විනිමය වෙළදපළ ගැන ඔයාට සරළ අවබෝධයක් ලබා දෙන්නයි උත්සහ කෙරුවෙ,ඉතින් ගැන කතා කරන්න කලින් පහත කරුණු පිළිබද අවබෝදයක් තියෙනවද කියලා බලන්න​.මතක නැතිනම් ආයේ කියවලා හරි පැහැදිළි කරගන්න​.


  • විදේශ විනිමය වෙළදපළ යනු කුමක් ද?
  • Currency pair එකක් යනු කුමක් ද​?
  • විනිමය අනුපාතය යනු කුමක් ද​?
  • විනිමය අනුපාතය අඩු වැඩි වීන ප්‍රායෝගිකව තේරුම් ගැනීමේ හැකියාව​

   
ඔය ටිකත් මතක තියාගෙන අපි ඊ ලග පාඩමෙන් Binary Option  කියන්නෙ මොකක්ද කියලා ඉගෙන ගන්න පටන් ගමු. 

No comments:

Post a Comment