Candlestick Patterns = Candle පිහිටන රටාවන්
Bullish Candle = හුවමාරු අනුපාතයේ ඉහල යාමක් පෙන්වන කොළ පැහැති candle එකක්
Bearish candle = හුවමාරු අනුපාතයේ පහල යාමක් පෙන්වන රතු පැහැති එකක්
Up Trend = හුවමාරු අනුපාතයේ එක දිගට සිදුවන ඉහල යාමක්
Down Trend = හුවමාරු අනුපාතයේ එක දිගට සිදුවන පහල යාමක්
ඔය ඉංග්‍රීසි වචන පුරුදු වෙන්න එතකොට ඔයාට ලේසියි ඕනම ලිපියක් කියවලා තේරුම් ගන්න.ඔය වචන තමා භාවිත කරන්නෙ පොදුවෙ.හරි දැන් අපි හුවමාරු අනුපාතයේ ඉහල යාමක් කලින් හදුනාගත හැකි ගැන පැහැදිළි කර ගමු.
01. Bullish Engulfing Pattern
Down Trend එකක අවසාන හරියෙ තමයි මෙම Candlestick Patterns එක ඇති වෙන්නෙ. මෙය Candle දෙකක එකතුවෙන් හැදෙන එකක් ඒකෙ පලමු Candle එක Bearish candle එකක් වෙන්න ඕන , දෙවෙනි Candle එක Bullish Candle එකක් විය යුතු අතර එම Candle එකේ Body එකෙන් පලමු Candle එකේ body එක සම්පූර්ණයෙන්ම ආවරනය වෙන්න ඕන.Down Trend එකක් අවස්සාන හරියේ මෙවැනි Candlestick Patterns එකක් ඇති උනොත් ඉදිරියේදි හුවමාරු අනුපාතය ඉහල යාමක් සිදුවීමට වැඩි ඉඩක් ඇත.Bullish Engulfing Pattern එක ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පහත උදාහරනය මගින් පැහැදිලි කර ගන්න.
02.Dragonfly Doji
Doji Candle එකක් කියන්නෙ body එකක් නැති හෝ ඉතා කුඩා body එකක් සහිත Candle එකකකට. සාමාන්‍ය Doji Candle එකකින් නිරූපනය වෙන්නෙ ඉදිරියේදි හුවමාරු අනුපාතය ඉහල යාමක් හෝ පහල යාමක් සිදුවීමට ඇති අවිනිශ්චිත තත්වයකි (හදුනාගත නොහැකි තත්වයක්).Dragonfly Doji එකක් සාමාන්‍ය Doji Candle එකකින් වෙනස් වෙන්නෙ එහි ඇති දිගු bottom wick(long lower shadow) එක නිසයි.එමෙන්ම එහි බෝහෝ විට Top wick ( Upper shadow) එකක් නොමැතිවීම හෝ ඉතා කෙටි Top wick එකක් තිබීමත් දැකිය හැකි ලක්ෂනයකි.ඒ අනුව Dragonfly Doji එකකින් ඉදිරියේදි හුවමාරු අනුපාතය ඉහල යාමට ඇති හැකියාවල් පෙන්නුම් කරනවා.Dragonfly Doji Pattern එක ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පහත උදාහරනය මගින් පැහැදිලි කර ගන්න.
03. Hammer
Hammer එකක් කියන්නෙ කුඩා body එකක් හා body එක මෙන් කිහිප ගුණයක bottom wick (long lower shadow) එකක් දැකිය හැකි හා Top wick (upper shadow) එකක් නොමැති හෝ ඉතා කුඩා එකක් ඇති Candle එකකි.මෙහිදී Candle එකේ වර්ණය කුමක් වුවත් ගැටලුවක් නැත.Down Trend එකක් අවසානයේ මෙවැනි එකක් ඇති උනොත් ඉදිරියේදි හුවමාරු අනුපාතය ඉහල යාමට වැඩි ඉඩ කඩක් ඇත.Hammer එකක් ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පහත උදාහරනය මගින් පැහැදිලි කර ගන්න.
04.Morning Star
මෙය Candle තුනක එකතුවෙන් සෑදෙන Candlestick Patterns එකකි.එහි පලමු Candle එක තරමක් දිගු Bearish candle එකක් විය යුතු අතර දෙවනි candle එක කුඩා Bearish candle එකක් හෝ Bullish Candle එකක් විය යුතුයි,තුන්වන candle එක විශාල Bullish Candle එකක් විය යුතුයි. Down Trend එකකදී මෙවැනි Candlestick Patterns එකක් ඇති වුනොත් ඉදිරීයේදී හුවමාරු අනුපාතයේ ඉහල යාමක ( Up Trend එකක් ඇති වීමට) වැඩි ඉඩ කඩක් තිබේ. Morning Star එක ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පහත උදාහරනය මගින් පැහැදිලි කර ගන්න.
05. Piercing Line Pattern
මෙය Candle දෙකක එකතුවෙන් හැදෙන Candlestick Patterns එකකි.පලමු Candle එක Bearish candle එකක් විය යුතු අතර දෙවෙනි Candle එක Bullish Candle එකක් විය යුතු මෙන්ම එම Candle එක පලමු candle එකේ body එකෙන් 50% කට වඩා ඉහලින් අවසන් විය යුතුයි.සමාන්‍යයෙන් candle එකක් කලින් candle එක අවසන් වූ තැනින් ආරම්භ වේ,නමුත් මෙහිදි දෙවැනි Bullish Candle එක පලමු Bearish candle එක අවසන් වූ ස්ථානයට පහලින් ආරම්භ වේ,ඒ කියන්නෙ පලමු candle එකෙ අවසානයත් ( Close) දෙවැනි Candle එකේ ආරම්භයත් (open) අතර පරතරයක් තියෙන්න ඕන.මෙවැනි Candlestick Patterns එකක් Down Trend එකක් අවසානයේ ඇති වුනොත් ඉදිරියේදි හුවමරු අනුපත ඉහල යමට (Up Trend එකක් ඇති වීමට) වැඩි ඉඩක් පවතී.Piercing Line Pattern එක ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පහත උදාහරනය මගින් පැහැදිලි කර ගන්න.
ඉහත කියලා දුන්න Candlestick Patterns එකක් ඇතිවෙන හැම අවස්ථාවකම හුවමාරු අනුපාතය ඉහල යාමක් සිදුවෙන්නෙ නැත.ඉහත කියලා දුන්න Candlestick Patterns පහත දැක්වෙන ස්ථාන වල ඇති වෙනවනම් තමයි හුවමාරු අනුපාතය ඉහල යන්න වැඩි ඉඩක් තියෙන්නෙ.

- major support levels
- upward trendline bounces
- fib retracement levels
support and resistance හා trendline ගැන මූලික දැනුමක් ඔයාට මී ලග ලිපියෙන් ලබාගන්න පුලුවන්.නමුත් මේවා ගැන පුලුල් අවබෝදයක් ලිපියක් මගින් ලබාදෙන්න අමාරුයි.ඔයාට මේ හැම එකක් ගැනම පුලුල් අවබෝදයක් ලබාගන්න පුලුවන් Advance Level ලිපි හා Video පැහැදිළි කිරීම් තුලින්.ඔයාට Advance Level ලිපි කියවන්න අපේ සාමාජිකත්වය ලබා ගන්න ඕන.සාමාජිකත්වය සදහා මුදල් අය කරන්නෙ නෑ,සමාජිකත්වය ලබාගැනීමෙ විස්තර සදහා මෙතන Click කරන්න.
samagikathwaya labaganna register wenna ooni link eka mokakda?
ReplyDeleteko link ekak nane.
ReplyDeletesamajikathwaya ganna link ekak ewanna
ReplyDeletepdf wage dounlord kraganna barida
ReplyDeleteoy me website ek digtm kr nm niymii
ReplyDeleteපට්ටම තමයි ගොඩක් වටින දෙවල් ඉගන ගත්තා!
ReplyDeleteSlot Machines at the Wheel of Power - Dr.MCD
ReplyDeleteSlot machines at the Wheel of Power Slot 안동 출장샵 machines at the Wheel of Power 창원 출장안마 Slot machine at the Wheel of Power 대전광역 출장마사지 Slot machine at the Wheel of Power Slot machine at the Wheel of Power Slot machine at the Wheel of Power 공주 출장마사지 Slot machine at the Wheel of Power Slot machine at the Wheel of Power 고양 출장안마 Slot machine at the Wheel of Power Slot machine at the Wheel of Power