Saturday, August 26, 2017

Candlestick ගැන ඉගෙන ගමු

Candlestick ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මුලින්ම අපි Candle එකක් ගැන ඉගෙනගෙන ඉමු පැහැදිළිව​.මෙම ලිපියෙන් පහත කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා

  • Candle එකක මූලික කොටස්
  • Bullish Candle එකක හා Bearish candle එකක වෙනස​
  • Candle එකක් හැදෙන විදිය​
  • Candle එකක Shadow (wick)  එකෙන් කියවෙන තොරතුරු
මෙවා ගැන හැකි තරම් සරලව කියලා දෙන්න තමා උත්සහ කරන්නෙ,තේරුම් ගන්න අමාරු තැනක් තිබුනොත් අපිව සම්භන්ද කරගන්න පුලුවන් විදියකින් අහන්න කියලා දෙන්නම්.


01.Candle එකක මූලික කොටස්




























ඉහත රූපය හොදට නිරීක්ෂණය කෙරුවොත් ඔබට Candle එකක තිබෙන ප්‍රධාන කොටස් 3 හදුන ගන්න පුලුවන්.පහතින් එම කොටස් තුන වෙන වෙනම පැහැදිලි කරගමු.

Real Body
Candle එක පටන් ගන්න තැනත් (Open ) එක අවසන් වෙන තැනත් (Close) අතර ප්‍රදේශය තමා Candle එකක Body එක ලෙස හදුන් වන්නෙ.

Upper Shadow ( Top Wick )
Candle එකට අදාල කාලය තුල හුවමාරු අනුපාතය ඉහල ගිය ඉහලම ස්ථානය(High) හා Candle එකක Open/Close එක අතර ඇති පරතරය තමයි Upper Shadow එකකින් පෙන්නුම් කරන්නෙ .Candle එකක Shadow (Wick) එක දක්වන්නෙ තනි රේඛාවක් මගිනි.එතකොට Bullish Candle එකක Upper Shadow (Top Wick) එක හැදෙන්නෙ Bullish Candle එක Close උන ස්ථානයත් හුවමාරු අනුපාතය වැඩිවූ ඉහලම ස්ථානයත්(High) අතර සම්භන්ද කරන රේඛවක් මගිනුයි.ඉහත රූපයේ ඇති ආකාරයේ Berrish Candle එකක Top Wick එක හැදෙන්නෙ Berrish Candle එකේ Open එකත් High එකත් අතර රේඛාවකින්.

Lower Shadow ( Bottom Wick)
Candle එකට අදාල කාලය තුල හුවමාරු අනුපාතය පහල ගිය පහලම​ ස්ථානය(Low) හා Candle එකක Open/Close එක අතර ඇති පරතරය තමයි Lower Shadow එකකින් පෙන්නුම් කරන්නෙ.එතකොට Bullish Candle එකක Lower Shadow (Bottom Wick) එක හැදෙන්නෙ Bullish Candle එක Open  උන ස්ථානයත් හුවමාරු අනුපාතය අඩුවූ පහලම​ ස්ථානයත් (Low) අතර සම්භන්ද කරන රේඛවක් මගිනුයි.ඉහත රූපයේ ඇති ආකාරයේ Berrish Candle එකක   Lower Shadow  එක හැදෙන්නෙ Berrish Candle එකේ Close එකත් Low එකත් අතර රේඛාවකින්.

හොදට තේරුම් ගන්න Candle එකක Open එකෙන් හා Close එකෙන් පෙන්නුම් කරන්නෙ එම Candle එකට අදාල කාලය තුල හුවමාරු අනුපාතය වැඩිවූ ඉහලම මට්ටම හෝ අඩුවූ පහලම ස්ථානය නොව සරලවම එම  Candle එක ආරම්භ වූ මට්ටමත් Candle එකට අදාල කාලය අවසන් වන විට හුවමාරු අනුපාතය පවතින මට්ටමත් පමනි.High  හා Low මගින් තමා Candle  එකට අදාල කාලය තුල හුවමාරු අනුපාතය වැඩිවූ ඉහලම මට්ටම හා අඩුවූ පහලම මට්ටම පෙන්නුම් කරන්නෙ.


02.Bullish Candle එකක හා Bearish candle එකක වෙනස​

























Bullish Candle (Bull Candle)එකකින් හුවමාරු අනුපාතයේ ඉහල යාමක් තමා පෙන්නුම් කරන්නෙ.දැන් ඉහත රූපයේ පෙන්වන Bullish Candle එකෙ වර්ණය නිල් පාටටයි දක්වලා තියෙන්නෙ කලබල වෙන්න එපා Candle එකක් ඕනම වර්ණයකින් දක්වන්න පුලුවන්, නියතයක් නෑ Bullish Candle එකක් කොල පාට වෙන්නම ඕන හරි Berrish Candle එකක් රතු පාටම වෙන්න ඕන කියලා. Berrish Candle ( Bear Candle) එකකින් හුවමාරු අනුපාතයේ පහල යාමක් පෙන්වන බව ඔයා මේ වෙනකොටත් දන්නවා.

ඉහත රූපය හොදට බලන්න ඔයාට දකින්න පුලුවන්  Bullish Candle එකේ Open එකට වඩා Close එක ඉහල මට්ටමකයි තියෙන්නෙ කියන එක​.ඇයි එහම වෙන්නෙ?,සරලව හිතන්නකො ඕනම දෙයක වැඩිවීමක් පෙන්නුම් කරන්නනම්  ආරම්භක​ අගයට වඩා අවසානවන අගය වැඩි වෙන්න ඕනනෙ.ඒ වගේම Berrish Candle එක දිහා බැලුවොත් ඒකේ Open එකට වඩා Close එක පහල මට්ටමක තියෙන්නෙ කියන එක හදුන ගන්න පුලුවන්.ඒකට හේතු වෙන්නෙත් යම් දෙයක පහල යාමක් පෙන්නුම් කීමටනම් ආරම්භක අගයට වඩා අවසාන වන අගය අඩු අගයක් වෙන්න ඕන නිසයි.හරි දැන් මේ ඉගන ගත්තු එක පහත පරිදි කෙටියෙන් මතක තියාගන්න.


- Bullish Candle එකක්  Open එකට වඩා ඉහලින් Close වෙනවා
- Berrish Candle එකක් Open එකට වඩා පහලින් Close වෙනවා

1 comment:

  1. Please send me a real website to learn candelstick more

    ReplyDelete