Candlestick Patterns = Candle පිහිටන රටාවන්
Bullish Candle = හුවමාරු අනුපාතයේ ඉහල යාමක් පෙන්වන කොළ පැහැති candle එකක්
Bearish candle = හුවමාරු අනුපාතයේ පහල යාමක් පෙන්වන රතු පැහැති එකක්
Up Trend = හුවමාරු අනුපාතයේ එක දිගට සිදුවන ඉහල යාමක්
Down Trend = හුවමාරු අනුපාතයේ එක දිගට සිදුවන පහල යාමක්
ඔය ඉංග්‍රීසි වචන පුරුදු වෙන්න එතකොට ඔයාට ලේසියි ඕනම ලිපියක් කියවලා තේරුම් ගන්න.ඔය වචන තමා භාවිත කරන්නෙ පොදුවෙ.හරි දැන් අපි හුවමාරු අනුපාතයේ පහල යාමක් කලින් හදුනාගත හැකි ගැන පැහැදිළි කර ගමු.
01. Bearish Engulfing Pattern
Up Trend එකක අවසාන හරියේ තමා Bearish Engulfing Pattern එක ඇති වෙන්නෙ.මෙම Candlestick Patterns එක candle දෙකක එකතුවක් ලෙසයි බිහි වෙන්නෙ ඒ අනුව පලමු candle එක Bullish Candle එකක් වන අතර දෙවෙනි candle එක පලමු candle එකට වඩා විශාල Bearish candle එකක්.දෙවෙනි Bearish candle එකෙන් පලමු Bullish Candle එක සම්පූර්ණයෙන්ම ආවරනය විය යුතුයි,ඒ කියන්නෙ පලමු Bullish Candle එක දෙවෙනි Bearish candle එක ඇතුලෙයි පිහිටන්න ඕන.Bullish Engulfing Pattern එක ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පහත උදාහරනය මගින් පැහැදිලි කර ගන්න.
02.Dark Cloud Cover
03.Gravestone Doji
Doji Candle එකක් කියන්නෙ body එකක් නැති හෝ ඉතා කුඩා body එකක් සහිත Candle එකකකට. සාමාන්‍ය Doji Candle එකකින් නිරූපනය වෙන්නෙ ඉදිරියේදි හුවමාරු අනුපාතය ඉහල යාමක් හෝ පහල යාමක් සිදුවීමට ඇති අවිනිශ්චිත තත්වයකි (හදුනාගත නොහැකි තත්වයක්).Gravestone Doji එකක් සාමාන්‍ය Doji Candle එකකින් වෙනස් වෙන්නෙ එහි ඇති දිගු Top wick (long upper shadow) එකයි, එමෙන්ම එහි බෝහෝ විට Bottom wick (long lower shadow) එකක් නොමැතිවීම හෝ ඉතා කෙටි Bottom wick එකක් තිබීමත් දැකිය හැකි ලක්ෂනයකි.ඒ අනුව Gravestone Doji එකකින් ඉදිරියේදි හුවමාරු අනුපාතය පහල යාමට ඇති හැකියාවල් පෙන්නුම් කරනවා.Gravestone Doji එක ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පහත උදාහරනය මගින් පැහැදිලි කර ගන්න.

මෙය Candle දෙකක එකතුවෙන් හැදෙන Candlestick Patterns එකකි.පලමු Candle එක Bullish candle එකක් විය යුතු අතර දෙවෙනි Candle එක Bearish candle එකක් විය යුතු මෙන්ම එම Candle එක පලමු candle එකේ body එකෙන් 50% කට වඩා පහලින් අවසන් විය යුතුයි.සමාන්‍යයෙන් candle එකක් කලින් candle එක අවසන් වූ තැනින් ආරම්භ වේ,නමුත් මෙහිදි දෙවැනි Bearish Candle එක පලමු Bullish candle එක අවසන් වූ ස්ථානයට ඉහලින් ආරම්භ වේ,ඒ කියන්නෙ පලමු candle එකෙ අවසානයත් ( Close) දෙවැනි Candle එකේ ආරම්භයත් (open) අතර පරතරයක් තියෙන්න ඕන.මෙවැනි Candlestick Patterns එකක් Up Trend එකක් අවසානයේ ඇති වුනොත් ඉදිරියේදි හුවමරු අනුපත පහල යමට (Down Trend එකක් ඇති වීමට) වැඩි ඉඩක් පවතී.Dark Cloud Cover එක ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පහත උදාහරනය මගින් පැහැදිලි කර ගන්න.
03.Gravestone Doji
Doji Candle එකක් කියන්නෙ body එකක් නැති හෝ ඉතා කුඩා body එකක් සහිත Candle එකකකට. සාමාන්‍ය Doji Candle එකකින් නිරූපනය වෙන්නෙ ඉදිරියේදි හුවමාරු අනුපාතය ඉහල යාමක් හෝ පහල යාමක් සිදුවීමට ඇති අවිනිශ්චිත තත්වයකි (හදුනාගත නොහැකි තත්වයක්).Gravestone Doji එකක් සාමාන්‍ය Doji Candle එකකින් වෙනස් වෙන්නෙ එහි ඇති දිගු Top wick (long upper shadow) එකයි, එමෙන්ම එහි බෝහෝ විට Bottom wick (long lower shadow) එකක් නොමැතිවීම හෝ ඉතා කෙටි Bottom wick එකක් තිබීමත් දැකිය හැකි ලක්ෂනයකි.ඒ අනුව Gravestone Doji එකකින් ඉදිරියේදි හුවමාරු අනුපාතය පහල යාමට ඇති හැකියාවල් පෙන්නුම් කරනවා.Gravestone Doji එක ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පහත උදාහරනය මගින් පැහැදිලි කර ගන්න.
04.Evening Star
මෙය Candle තුනක එකතුවෙන් සෑදෙන Candlestick Patterns එකකි.එහි පලමු Candle එක තරමක් දිගු Bullish candle එකක් විය යුතු අතර දෙවනි candle එක කුඩා Bearish candle එකක් හෝ Bullish Candle එකක් විය යුතුයි,තුන්වන candle එක විශාල bearish Candle එකක් විය යුතු අතර එය පලමු Candle එකෙන් 50% කට අසන්නයෙන් හෝ ඊට පහලින් අවසන් (Close ) විය යුතුයි.. Up Trend එකකදී මෙවැනි Candlestick Patterns එකක් ඇති වුනොත් ඉදිරීයේදී හුවමාරු අනුපාතයේ පහල යාමක ( Down Trend එකක් ඇති වීමට) වැඩි ඉඩ කඩක් තිබේ. Evening Star එක ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පහත උදාහරනය මගින් පැහැදිලි කර ගන්න.
05.Hanging Man
Hanging Man එකක් කියන්නෙ කුඩා body එකක් හා body එක මෙන් කිහිප ගුණයක Top wick (long upper shadow) එකක් දැකිය හැකි හා Bottom wick (lower shadow) එකක් නොමැති හෝ ඉතා කුඩා එකක් ඇති Candle එකකි,මෙහිදී Candle එකේ වර්ණය කුමක් වුවත් ගැටලුවක් නැත.Down Trend එකක් අවසානයේ මෙවැනි candle එකක් ඇති උනොත් ඉදිරියේදි හුවමාරු අනුපාතය පහල යාමට වැඩි ඉඩ කඩක් ඇත.Hanging Man එකක් ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පහත උදාහරනය මගින් පැහැදිලි කර ගන්න.
ඉහත කියලා දුන්න Candlestick Patterns එකක් ඇතිවෙන හැම අවස්ථාවකම හුවමාරු අනුපාතය පහල යාමක් සිදුවෙන්නෙ නැත.ඉහත කියලා දුන්න Candlestick Patterns පහත දැක්වෙන ස්ථාන වල ඇති වෙනවනම් තමයි හුවමාරු අනුපාතය පහල යන්න වැඩි ඉඩක් තියෙන්නෙ.
- resistance levels
- downward trendline touches
- fib retracement levels
- or a confluence of any of the above.
support and resistance හා trendline ගැන මූලික දැනුමක් ඔයාට මී ලග ලිපියෙන් ලබාගන්න පුලුවන්.නමුත් මේවා ගැන පුලුල් අවබෝදයක් ලිපියක් මගින් ලබාදෙන්න අමාරුයි.ඔයාට මේ හැම එකක් ගැනම පුලුල් අවබෝදයක් ලබාගන්න පුලුවන් Advance Level ලිපි හා Video පැහැදිළි කිරීම් තුලින්.ඔයාට Advance Level ලිපි කියවන්න අපේ සාමාජිකත්වය ලබා ගන්න ඕන.සාමාජිකත්වය සදහා මුදල් අය කරන්නෙ නෑ,සමාජිකත්වය ලබාගැනීමෙ විස්තර සදහා මෙතන Click කරන්න.
link ekak dala nane.
ReplyDelete