Sunday, July 9, 2017

විදේශ විනිමය වෙළදපළ (Foreign Exchange Market/Forex Market)

විදේශ විනිමය වෙළදපළ යනු මුදල් වර්ග මිලදී ගැනීම,විකිනීම හා හුවමාරුව සිදුවන වෙළදපොළයි.එනම් එක් මුදල් වර්ගයක් තවත් මුදල් වර්ගයකට හුවමාරු වන වෙළදපළ විදේශ විනිමය වෙළදපළයි.මෙය බැංකු,වාණිජ සමාගම්,මහ බැංකු,ආයෝජන කළමණකරන සමාගම් හා ආයෝජකයින් ගෙන් සමන්විත වේ.

මෙහෙම හිතන්නකො ඔයාට හදිසියේ විදේශ රටකට යන්න වෙනවා කියලා,අපි හිතමු ඔයා ඇමරිකා යන්න හදන්නෙ කියලා.දැන් ඔයාට ඇමරිකාවට ගිහින් ඔයාගෙ අතේ තියෙන රුපියල් වලින් එහිදි වියදම් කරන්න පුලුවන් කමක් නෑ.ඒක නිසා ඔයා රට යන්න කලින් මුදල් හුවමාරු කරන තැනකට හරි බැංකුවකට හරි ගිහින් ඔයා ලග තියෙන රුපියල් දීලා ඩොලර් ඉල්ලගන්න වෙනවා.ඔන්න ඔය වගේ අවස්ථාවක ඔයත් වෙදේශ විනිමය වෙළදපලේ මුදල් හුවමාරුවකට සම්භන්ද වෙනවා.
ඔයා මෙතනදි වෙදේශ විනිමය වෙළදපලට සම්භන්ද උනේ බැංකුවක් හරි මුදල් හුවමාරු කරන ආයතනයක් හරහායි. Binary Option හා Forex කියන මේ ආයෝජන ක්‍රම දෙකම කෙලින්ම සම්භන්ද වෙලා තියෙන්නෙ මේ විදේශ විනිමය වෙළදපළ සමගයි,ඒ නිසා විදේශ විනිමය වෙළදපල පිළිබද හා එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබද යම් අවබෝදයක් ඔබට තිබිය යුතුයි.අපි ඉදිරියට විදේශ විනිමය වෙළදපළ පිළිබද තවත් සංකල්ප කිහිපයක් සරළව ඉගෙනගමු.


මුදල් යුගල ( Currency Pair)

Currency Pair එකක් කියන්නෙ හුවමාරුවට ලක්වෙන මුදල් වර්ග දෙකක එකතුවකටයි.අපි උදාහරණයකින් පැහැදිළි කරගමු.
මෙහෙම හිතන්නකෝ ඔයා ලග තියෙන රුපියල් බැංකුවට දීලා ඔයා ඩොලර් වලට මාරු කරගන්නවා කියලා.එතකොට අපිට ඉහත ගණුදෙනුවට අදාල මුදල් යුගලය (Currency Pair ) පහත ආකාරයට ලියන්න පුලුවන්.




USD =  ඇමරිකන් ඩොලර්
LKR =  ශ්‍රිලංකා රුපියල්








Currency pair එකක පළමු මුදල් වර්ගය Base Currency ලෙස හදුන්වනවා.ඉහත උදාහරණයට අණුව Base Currency එක වෙන්නෙ ඇමරිකාණු ඩොලර්.Currency pair එකක දෙවනි මුදල් වර්ගය Qoute Currency  ලෙස හදුන්වනවා. ඉහත උදාහරණයට අනුව Qoute Currency එක වන්නේ ශ්‍රි ලංකා රුපියල්.මේවා ඔක්කොම කට පාඩම් කරලා මතක තියාගන්න ඕනෙ වෙන්නෙ නෑ,ටිකක් කියවලා සරලව තේරුම් ගන්න​.

Major and Minors Currency Pairs හදුනා ගනිමු


Currency pairs, Major හා Minors ලෙස වෙන් කරණු ලබන්නේ එම Currency Pairs වල ජනප්‍රිය තාව මතයි. එනම් ලෝකයේ වැඩියෙන්ම ගණූදෙණු වනCurrency Pairs, Major  Currency Pairs ලෙස හදුන්වන අතර​,සාපේක්‍ෂව අඩුවෙන් ගණුදෙණු වන  Currency Pairs,Minor Currency Pairs
ලෙස හදුන්වනවා.


Major Currency Pairs

  • EUR/USD  (
  • යුරෝ/ඇමරිකන් ඩොලර්
  •  )
  • USD/JPY (
  • ඇමරිකන් ඩොලර්/ජපන් යෙන්
  •  )
  • GBP/USD (
  • බ්‍රිතාන්‍ය පවුම්/ඇමරිකන් ඩොලර්
  • )
  • USD/CAD (
  • ඇමරිකන් ඩොලර්/කැනේඩියන් ඩොලර්
  •  )
  • USD/CHP (
  • ඇමරිකන් ඩොලර්/ස්විස් ෆ් රැන්ක්
  • )
  • AUD/USD (
  • ඕස්ට්‍රේලියන් ඩොලර් / ඇමරිකන් ඩොලර්
  • )
  • NZD/USD (නවසීලන්ත ඩොලර් / ඇමරිකන් ඩොලර්)

Minor Currency Pairs

  • EUR/GBP (
  • යුරෝ/බ්‍රිතාන්‍ය පවුම්
  • )
  • EUR/AUD (
  • යුරෝ/ඕස්ට්‍රේලියන් ඩොලර් )
  • GBP/JPY ( 
  • බ්‍රිතාන්‍ය පවුම්/ජපන් යෙන්
  • )
  • CHP/JPY ( 
  • ස්විස් ෆ්‍ රැන්ක් / ජපන් යෙන්)
  • NZD/CAD (
  • නවසීලන්ත ඩොලර් / කැනේඩියන් ඩොලර්
  •  )
  • GBP/CAD (බ්‍රිතාන්‍ය පවුම්/කැනේඩියන් ඩොලර්)

No comments:

Post a Comment