Thursday, July 13, 2017

Binary Option යනු කුමක්ද​?

අපි Binary Option වලට සරලව තේරුම් ගන්න පුලුවන් නිර්වචනයක් හදමු.මෙතන ඉදන් ඉදිරියට යන්න කලින් ලිපිවල දැනුම වැදගත් වෙනවා. ඒක හින් ද එම ලිපි දෙක කියවන්න අමතක කරන්න එපා.binary Option පහත පරිදි හැදින්විය හැකියි.

Curtency Pair එකක හුවමාරු අනුපාතය ඉදිරියේදී වෙනස් වන ආකාරය අනුමාණ​/පුරෝකථනය කිරීමේන් ලාභ ලැබිය හැකි ක්‍රමයකි.මෙහිදී ඔබ ඉදිරියේදි හුවමාරු අනුපාතය ඉහල යයි ද​? පහල යයිද​? යන්න නිවරදිව අනුමාණ කල යුතුයි.ඔබේ අනුමාණය නිවරදි උනොත් ඔබට ලාභයක් හිමිවන අතර,අනුමාණය වැරදුනොත් අලාභයක් ද මෙහිදී දැරීමට සිදු වේ.

       "EUR/USD හුවමාරු අනුපාතය ඉදිරියේදි ඉහල යයි"

ඉහත තියෙන්නෙත් හුවමාරු අනුපාතය ගැන කරපු අනුමාණයක්/පුරෝකථනයක් නේ.නමුත් Binary Option වලදි ටිකක් වෙනස් විදියටයි ඔය අනුමාණය කරන්න ඕනේ.

- මොකක්ද වෙනස​?
ඉහත අනුමාණයේ අපි නිශ්චිතවන කාලයක් දක්වලා නෑ.ඉදිරියේ කිව්වම ඒක මිනිත්තුවක් වෙන්න පුලුවන්,මිනිත්තු 5ක් වෙන්න පුලුවන්,මිනිත්තු 15ක්,පැයක්,දවසක්  වෙන්නත් පුලුවන්.ඒ කියන්නෙ නිශ්චිත කාලයක් නැති බවයි.නමුත් අපි Binary Option වලදි අනුමාණ කරන කාලය නිශ්චිතවම දක්වන්න ඕන​.පහත පරිදි

  • EUR/USD හුවමාරු අනුපාතය මිනිත්තු 1 කදි ඉහල යයි
  • EUR/USD හුවමාරු අනුපාතය මිනිත්තු 5 කදි ඉහල යයි
  • EUR/USD හුවමාරු අනුපාතය මිනිත්තු 15 කදි ඉහල යයි
අන්න ඒහම කාලය නිශ්චිතවම දක්වන්න ඕන​.ඔය නිශ්චිත කාලය අවසන් වෙනකොට අපි අනුමාණ කරපු විදියට හුවමාරු අනුපාතය වැඩි වෙලා තියෙන්න ඕන​,ඒහම උනොත් තමයි ඔයාට ලාභයක් ලැබෙන්නෙ.දැන් ඔය අපි කතා කරපු නිශ්චිත කාලයට අපි Binary Option  කරනකොට කියන්නෙ expiry time කියලයි.

-අපිට තෝරන්න පුලුවන් expiry time මොනවාද​?

දැන් ඔය expiry time  එක ඔයාට ඕන ඕන විදියට දාන්න ලැබෙන්නෙ නෑ,ඔයාට තෝරන්න පුලුවන් expiry time ටික ඔයා  Binary Option කරන්න  සම්බන්ද වෙන Binary Option Broker අනුව වෙනස් වෙනවා.අපි හරහා ඔයලට සම්බන්ද වෙන්න කියන  IQ Option Borker එක්ක Trade  කරනකොට පහත expiry time ඔයාට තෝරන්න පුලුවන්


  • මිනිත්තු 1
  • මිනිත්තු 2
  • මිනිත්තු 3
  • මිනිත්තු 4
  • මිනිත්තු 5
  • මිනිත්තු 15
  • මිනිත්තු 30
  • මිනිත්තු 45
  • මිනිත්තු 60
  • දවස​
  • සතිය​
  • මාසය​

ඉතින් අපි Trade එකක් (අනුමාණයක්) කරනකොට ඉහත expiry time වලින් එකක් තෝරලා තමයි trade එක (අනුමාණ) කරන්න ඕන​.පහත දැක්වෙන පරිදි

  "EUR/USD හුවමාරු අනුපාතය​ මිනිත්තු 15 කදී ඉහල යයි"

දැන් trade එක දාපු වෙලාවෙ ඉදන් මිනිත්තු 15ක් ඉවර වෙනකොට EUR/USD   හුවමාරු අනුපාතය ඉහල ගිහින් තිබුනොත් ඔයා trade එක Win කරනවා එතකොට ඔයාට ලාභයක් ලැබෙනවා මේ ගැන ඉස්සරහට තව පැහැදිළි කරන්නම්.

ලැබිය​ හැකි ලාභ ප්‍රතිශතය (Expected Profit Percentage )

Binary Option වලදි ඔයාට ලැබෙන්නෙ ස්ථාවර ලාභ ප්‍රතිශතයක්.බොහෝ විට මෙම ලාභ ප්‍රතිශතය ආයෝජනය කරන මුදලින් 80% කට වැඩි වෙනවා.
අපි හිතමුකෝ ඔයා EUR/USD හුවමාරු අනුපාතය මිනිත්තු 5 කදි ඉහල යනවා කියලා ඩොලර් 10 ක් යොදවලා trade එකක් කෙරුවා කියලා.එතකොට ඔයා හිතපු විදියටම මිනිත්තු 5ක් අවසානයේ හුවමාරු අනුපාතය ඉහල ගියානම් ඔයාට පහත පරිදි ලාභයක් ලැබෙනවා.ලාභ ප්‍රතිශතය 80% ක් නම්,




ඔයා trade එකට යොදපු ඩොලර් 10ට අමතරව ඩොලර් 8ක ලාභයකුත් සමග මුලු ප්‍රතිලාභය ලෙස ඩොලර් 18ක් ලැබෙනවා.හැබයි යම් විදියකින් ඔයා අනුමාන කරපු විදිය වැරදිලා මිනිත්තු 5 අවසානයේ EUR/USD හුවමාරු අනුපතය පහල ගියානම් ඔයා trade එක සදාහා යොදවපු ඩොලර් 10 අහිමි වෙනවා.

Call Trade (Buy Trade) සහ Put Trade ( Sell Trade) හදුනා ගමු

අපි Binary Option ගැන පැහැදිළි කරපු හැම තැනකම කිව්වේ Currency Pair එකක හුවමාරු අනුපාතය වෙනස්වීම අනුමාණය කිරීම තමයි Binary Option වලදි සිදුවෙන්නෙ කියලයි.ඔව් ඒක හරි ඇත්තටම වෙන්නෙ අනුමාණ කිරීමක් තමයි,නමුත් සාමාන්‍යයෙන් අපි Binary Option කරනකොට ඔය අනුමාණ කිරීම Trade කිරීමක් ලෙස හදුන්වනවා.භාවිත කරන වචනෙ වෙනස් උනාට ඇත්තටම සිදුවෙන්නෙ අනුමාණ කිරීමක් තමයි.අපිට පහත පරිදි Trade (ගණුදෙණු) වර්ග දෙකක් හදුනාගන්න පුලුවන්.

Call Trade ( Buy Trade)
Currency Pair එකක හුවමාරු අනුපාතය ඉදිරියේදි ඉහල යයි කියලා ඔයා අනුමාණ කරලා මුදලක් යොදවනවානම් අපි ඒකට කියන්නෙ  Call Trade එකක් එහමත් නැතිනම් Buy Trade එකක් කියලයි.සරලයි වෙනස් වෙන්නෙ වචනය විතරයි.

Put Trade ( Sell Trade)
Currency Pair එකක හුවමාරු අනුපාතය ඉදිරියේදි පහල යයි කියලා අනුමාණ කරමින් මුදල් යොදවලාTrade එකක් කලොත් ඒකට අපි කියන්නෙ Put Trade එකක් එහමත් නැතිනම් Sell Trade එකක් කියලයි.


හරි දැන් මේ ලිපිය කියවලා ඉගන ගත්තු දේවල් ටික සාරාංශ කරමු.ඔයාට මේවා ගැන අවබෝධයක් තියෙන්න ඕන​


  1. Binary Option යනු කුමක් ද​?
  2. Expiry Time යනු කුමක් ද​?
  3. Call Trade හා Put Trade පහැදිළි කරන්න​
  4. Binary Option වලින් ලාභ ලැබෙන ආකාරය​


No comments:

Post a Comment