Saturday, August 26, 2017

Candlestick ගැන ඉගෙන ගමු

Candlestick ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මුලින්ම අපි Candle එකක් ගැන ඉගෙනගෙන ඉමු පැහැදිළිව​.මෙම ලිපියෙන් පහත කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා

  • Candle එකක මූලික කොටස්
  • Bullish Candle එකක හා Bearish candle එකක වෙනස​
  • Candle එකක් හැදෙන විදිය​
  • Candle එකක Shadow (wick)  එකෙන් කියවෙන තොරතුරු
මෙවා ගැන හැකි තරම් සරලව කියලා දෙන්න තමා උත්සහ කරන්නෙ,තේරුම් ගන්න අමාරු තැනක් තිබුනොත් අපිව සම්භන්ද කරගන්න පුලුවන් විදියකින් අහන්න කියලා දෙන්නම්.


01.Candle එකක මූලික කොටස්




























ඉහත රූපය හොදට නිරීක්ෂණය කෙරුවොත් ඔබට Candle එකක තිබෙන ප්‍රධාන කොටස් 3 හදුන ගන්න පුලුවන්.පහතින් එම කොටස් තුන වෙන වෙනම පැහැදිලි කරගමු.

Real Body
Candle එක පටන් ගන්න තැනත් (Open ) එක අවසන් වෙන තැනත් (Close) අතර ප්‍රදේශය තමා Candle එකක Body එක ලෙස හදුන් වන්නෙ.

Upper Shadow ( Top Wick )
Candle එකට අදාල කාලය තුල හුවමාරු අනුපාතය ඉහල ගිය ඉහලම ස්ථානය(High) හා Candle එකක Open/Close එක අතර ඇති පරතරය තමයි Upper Shadow එකකින් පෙන්නුම් කරන්නෙ .Candle එකක Shadow (Wick) එක දක්වන්නෙ තනි රේඛාවක් මගිනි.එතකොට Bullish Candle එකක Upper Shadow (Top Wick) එක හැදෙන්නෙ Bullish Candle එක Close උන ස්ථානයත් හුවමාරු අනුපාතය වැඩිවූ ඉහලම ස්ථානයත්(High) අතර සම්භන්ද කරන රේඛවක් මගිනුයි.ඉහත රූපයේ ඇති ආකාරයේ Berrish Candle එකක Top Wick එක හැදෙන්නෙ Berrish Candle එකේ Open එකත් High එකත් අතර රේඛාවකින්.

Lower Shadow ( Bottom Wick)
Candle එකට අදාල කාලය තුල හුවමාරු අනුපාතය පහල ගිය පහලම​ ස්ථානය(Low) හා Candle එකක Open/Close එක අතර ඇති පරතරය තමයි Lower Shadow එකකින් පෙන්නුම් කරන්නෙ.එතකොට Bullish Candle එකක Lower Shadow (Bottom Wick) එක හැදෙන්නෙ Bullish Candle එක Open  උන ස්ථානයත් හුවමාරු අනුපාතය අඩුවූ පහලම​ ස්ථානයත් (Low) අතර සම්භන්ද කරන රේඛවක් මගිනුයි.ඉහත රූපයේ ඇති ආකාරයේ Berrish Candle එකක   Lower Shadow  එක හැදෙන්නෙ Berrish Candle එකේ Close එකත් Low එකත් අතර රේඛාවකින්.

හොදට තේරුම් ගන්න Candle එකක Open එකෙන් හා Close එකෙන් පෙන්නුම් කරන්නෙ එම Candle එකට අදාල කාලය තුල හුවමාරු අනුපාතය වැඩිවූ ඉහලම මට්ටම හෝ අඩුවූ පහලම ස්ථානය නොව සරලවම එම  Candle එක ආරම්භ වූ මට්ටමත් Candle එකට අදාල කාලය අවසන් වන විට හුවමාරු අනුපාතය පවතින මට්ටමත් පමනි.High  හා Low මගින් තමා Candle  එකට අදාල කාලය තුල හුවමාරු අනුපාතය වැඩිවූ ඉහලම මට්ටම හා අඩුවූ පහලම මට්ටම පෙන්නුම් කරන්නෙ.


02.Bullish Candle එකක හා Bearish candle එකක වෙනස​

























Bullish Candle (Bull Candle)එකකින් හුවමාරු අනුපාතයේ ඉහල යාමක් තමා පෙන්නුම් කරන්නෙ.දැන් ඉහත රූපයේ පෙන්වන Bullish Candle එකෙ වර්ණය නිල් පාටටයි දක්වලා තියෙන්නෙ කලබල වෙන්න එපා Candle එකක් ඕනම වර්ණයකින් දක්වන්න පුලුවන්, නියතයක් නෑ Bullish Candle එකක් කොල පාට වෙන්නම ඕන හරි Berrish Candle එකක් රතු පාටම වෙන්න ඕන කියලා. Berrish Candle ( Bear Candle) එකකින් හුවමාරු අනුපාතයේ පහල යාමක් පෙන්වන බව ඔයා මේ වෙනකොටත් දන්නවා.

ඉහත රූපය හොදට බලන්න ඔයාට දකින්න පුලුවන්  Bullish Candle එකේ Open එකට වඩා Close එක ඉහල මට්ටමකයි තියෙන්නෙ කියන එක​.ඇයි එහම වෙන්නෙ?,සරලව හිතන්නකො ඕනම දෙයක වැඩිවීමක් පෙන්නුම් කරන්නනම්  ආරම්භක​ අගයට වඩා අවසානවන අගය වැඩි වෙන්න ඕනනෙ.ඒ වගේම Berrish Candle එක දිහා බැලුවොත් ඒකේ Open එකට වඩා Close එක පහල මට්ටමක තියෙන්නෙ කියන එක හදුන ගන්න පුලුවන්.ඒකට හේතු වෙන්නෙත් යම් දෙයක පහල යාමක් පෙන්නුම් කීමටනම් ආරම්භක අගයට වඩා අවසාන වන අගය අඩු අගයක් වෙන්න ඕන නිසයි.හරි දැන් මේ ඉගන ගත්තු එක පහත පරිදි කෙටියෙන් මතක තියාගන්න.


- Bullish Candle එකක්  Open එකට වඩා ඉහලින් Close වෙනවා
- Berrish Candle එකක් Open එකට වඩා පහලින් Close වෙනවා

Wednesday, August 23, 2017

හුවමාරු අනුපාතයේ පහල යාම් හදුනාගත හැකි Candlestick Patterns

අපිට Candle පිහිටන ආකාරය අද්‍යනය කිරීම තුලින් ඉදිරියේ හුවමාරු අනුපාතයේ සිදුවිය හැකි පහල​ යාම් කලින්ම හදුනා ගැනීමට පුලුවන්.පහතින් පැහැදිලි කරලා තියෙන්නෙ එහම හුවමාරු අනුපාතය පහල යාම් කලින් හදුනා ගන්න භාවිත කරන Candlestick Patterns (Candle පිහිටන රටාවන්) කිහිපයකි.මෙම ලිපියේ ඉදිරියට අපි භාවිත කරන ඉංග්‍රීසි වචනවල සිංහල තේරුම මුලින් කියලා ඉන්නම්

Candlestick Patterns = Candle පිහිටන රටාවන්
Bullish Candle = හුවමාරු අනුපාතයේ ඉහල යාමක් පෙන්වන කොළ පැහැති candle එකක්
Bearish candle = හුවමාරු අනුපාතයේ පහල යාමක් පෙන්වන රතු පැහැති එකක්   
Up Trend =  හුවමාරු අනුපාතයේ එක දිගට සිදුවන ඉහල යාමක්
Down Trend = හුවමාරු අනුපාතයේ එක දිගට සිදුවන පහල යාමක්  ​

ඔය ඉංග්‍රීසි වචන පුරුදු වෙන්න එතකොට ඔයාට ලේසියි ඕනම ලිපියක් කියවලා තේරුම් ගන්න.ඔය වචන තමා භාවිත කරන්නෙ පොදුවෙ.හරි දැන් අපි හුවමාරු අනුපාතයේ පහල යාමක් කලින් හදුනාගත හැකි ගැන පැහැදිළි කර ගමු.

01. Bearish Engulfing Pattern
















Up Trend එකක අවසාන හරියේ තමා Bearish Engulfing Pattern එක ඇති වෙන්නෙ.මෙම Candlestick Patterns  එක candle දෙකක එකතුවක් ලෙසයි බිහි වෙන්නෙ ඒ අනුව පලමු candle එක Bullish Candle එකක් වන අතර දෙවෙනි candle එක පලමු candle එකට වඩා විශාල Bearish candle එකක්.දෙවෙනි Bearish candle එකෙන් පලමු Bullish Candle එක සම්පූර්ණයෙන්ම ආවරනය විය යුතුයි,ඒ කියන්නෙ පලමු Bullish Candle එක දෙවෙනි Bearish candle එක ඇතුලෙයි පිහිටන්න ඕන​.Bullish  Engulfing Pattern එක ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පහත උදාහරනය මගින් පැහැදිලි කර ගන්න​.



02.Dark Cloud Cover


මෙය Candle දෙකක එකතුවෙන් හැදෙන Candlestick Patterns එකකි.පලමු Candle එක Bullish candle එකක් විය යුතු අතර දෙවෙනි Candle එක  Bearish candle එකක් විය යුතු මෙන්ම එම Candle එක පලමු candle එකේ body එකෙන් 50% කට වඩා පහලින් අවසන් විය යුතුයි.සමාන්‍යයෙන් candle එකක් කලින් candle එක අවසන් වූ තැනින් ආරම්භ වේ,නමුත් මෙහිදි දෙවැනි Bearish Candle එක පලමු Bullish candle එක අවසන් වූ ස්ථානයට ඉහලින් ආරම්භ වේ,ඒ කියන්නෙ පලමු candle එකෙ අවසානයත් ( Close) දෙවැනි Candle එකේ ආරම්භයත් (open) අතර පරතරයක් තියෙන්න ඕන​.මෙවැනි Candlestick Patterns එකක් Up Trend එකක් අවසානයේ ඇති වුනොත් ඉදිරියේදි හුවමරු අනුපත පහල​ යමට (Down Trend එකක් ඇති  වීමට​)  වැඩි ඉඩක් පවතී.Dark Cloud Cover එක ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පහත උදාහරනය මගින් පැහැදිලි කර ගන්න​.
























03.Gravestone Doji




















Doji Candle එකක් කියන්නෙ body එකක් නැති හෝ ඉතා කුඩා body එකක් සහිත Candle එකකකට​. සාමාන්‍ය Doji Candle  එකකින් නිරූපනය වෙන්නෙ ඉදිරියේදි හුවමාරු අනුපාතය ඉහල යාමක් හෝ පහල යාමක් සිදුවීමට ඇති අවිනිශ්චිත තත්වයකි (හදුනාගත නොහැකි තත්වයක්).Gravestone Doji එකක් සාමාන්‍ය  Doji Candle එකකින් වෙනස් වෙන්නෙ එහි ඇති දිගු Top wick (long upper shadow) එකයි, එමෙන්ම  එහි බෝහෝ විට Bottom wick (long lower shadow) එකක් නොමැතිවීම​ හෝ ඉතා කෙටි Bottom wick එකක් තිබීමත් දැකිය හැකි ලක්ෂනයකි.ඒ අනුව Gravestone Doji එකකින් ඉදිරියේදි හුවමාරු අනුපාතය  පහල යාමට ඇති හැකියාවල් පෙන්නුම් කරනවා.Gravestone Doji එක ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පහත උදාහරනය මගින් පැහැදිලි කර ගන්න​.























04.Evening Star
















මෙය Candle තුනක එකතුවෙන් සෑදෙන  Candlestick Patterns එකකි.එහි පලමු Candle එක තරමක් දිගු Bullish candle එකක් විය යුතු අතර දෙවනි candle එක කුඩා Bearish candle  එකක් හෝ Bullish Candle එකක් විය යුතුයි,තුන්වන candle එක විශාල bearish Candle  එකක් විය යුතු අතර එය පලමු Candle  එකෙන් 50% කට අසන්නයෙන් හෝ ඊට පහලින් අවසන් (Close ) විය යුතුයි.. Up Trend එකකදී  මෙවැනි Candlestick Patterns එකක් ඇති වුනොත් ඉදිරීයේදී හුවමාරු අනුපාතයේ පහල යාමක ( Down Trend   එකක් ඇති වීමට​) වැඩි ඉඩ කඩක් තිබේ. Evening  Star එක ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පහත උදාහරනය මගින් පැහැදිලි කර ගන්න​.
























05.Hanging Man




















Hanging Man එකක් කියන්නෙ කුඩා body එකක් හා body එක මෙන් කිහිප ගුණයක Top wick (long upper shadow)  එකක් දැකිය හැකි හා  Bottom wick (lower shadow) එකක් නොමැති හෝ ඉතා කුඩා එකක් ඇති Candle එකකි,මෙහිදී Candle එකේ වර්ණය කුමක් වුවත් ගැටලුවක් නැත​.Down Trend එකක් අවසානයේ මෙවැනි  candle එකක් ඇති උනොත් ඉදිරියේදි හුවමාරු අනුපාතය පහල යාමට වැඩි ඉඩ කඩක් ඇත​.Hanging Man  එකක් ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පහත උදාහරනය මගින් පැහැදිලි කර ගන්න​.























ඉහත කියලා දුන්න Candlestick Patterns එකක් ඇතිවෙන හැම අවස්ථාවකම හුවමාරු අනුපාතය​ පහල​ යාමක් සිදුවෙන්නෙ නැත​.ඉහත කියලා දුන්න Candlestick Patterns පහත දැක්වෙන ස්ථාන වල ඇති වෙනවනම් තමයි හුවමාරු අනුපාතය පහල​ යන්න වැඩි ඉඩක් තියෙන්නෙ.


  • resistance levels
  • downward trendline touches
  • fib retracement levels
  • or a confluence of any of the above.

support and resistance හා trendline ගැන මූලික දැනුමක් ඔයාට මී ලග ලිපියෙන් ලබාගන්න පුලුවන්.නමුත් මේවා ගැන පුලුල් අවබෝදයක් ලිපියක් මගින් ලබාදෙන්න අමාරුයි.ඔයාට මේ හැම එකක් ගැනම පුලුල් අවබෝදයක් ලබාගන්න පුලුවන් Advance Level ලිපි හා Video පැහැදිළි කිරීම් තුලින්.ඔයාට Advance Level ලිපි කියවන්න අපේ සාමාජිකත්වය ලබා ගන්න ඕන​.සාමාජිකත්වය සදහා මුදල් අය කරන්නෙ නෑ,සමාජිකත්වය ලබාගැනීමෙ විස්තර සදහා මෙතන Click කරන්න​.

Tuesday, August 22, 2017

හුවමාරු අනුපාතය ඉහල යාම් හදුනා ගත හැකි Candlestick Patterns

අපිට Candle පිහිටන ආකාරය අද්‍යනය කිරීම තුලින් ඉදිරියේ හුවමාරු අනුපාතයේ සිදුවිය හැකි ඉහල යාම් කලින්ම හදුනා ගැනීමට පුලුවන්.පහතින් පැහැදිලි කරලා තියෙන්නෙ එහම හුවමාරු අනුපාතය ඉහල​ යාම් කලින් හදුනා ගන්න භාවිත කරන Candlestick Patterns (Candle පිහිටන රටාවන්) කිහිපයකි.මෙම ලිපියේ ඉදිරියට අපි භාවිත කරන ඉංග්‍රීසි වචනවල සිංහල තේරුම මුලින් කියලා ඉන්නම්

Candlestick Patterns = Candle පිහිටන රටාවන්
Bullish Candle = හුවමාරු අනුපාතයේ ඉහල යාමක් පෙන්වන කොළ පැහැති candle එකක්
Bearish candle = හුවමාරු අනුපාතයේ පහල යාමක් පෙන්වන රතු පැහැති එකක්   
Up Trend =  හුවමාරු අනුපාතයේ එක දිගට සිදුවන ඉහල යාමක්
Down Trend = හුවමාරු අනුපාතයේ එක දිගට සිදුවන පහල යාමක්  ​

ඔය ඉංග්‍රීසි වචන පුරුදු වෙන්න එතකොට ඔයාට ලේසියි ඕනම ලිපියක් කියවලා තේරුම් ගන්න.ඔය වචන තමා භාවිත කරන්නෙ පොදුවෙ.හරි දැන් අපි හුවමාරු අනුපාතයේ ඉහල යාමක් කලින් හදුනාගත හැකි ගැන පැහැදිළි කර ගමු.

01. Bullish Engulfing Pattern
      




















Down Trend එකක අවසාන හරියෙ තමයි මෙම  Candlestick Patterns එක ඇති වෙන්නෙ. මෙය Candle දෙකක එකතුවෙන් හැදෙන  එකක් ඒකෙ පලමු Candle එක  Bearish candle එකක් වෙන්න ඕන , දෙවෙනි Candle එක Bullish Candle එකක් විය යුතු අතර එම Candle එකේ Body  එකෙන් පලමු Candle එකේ body එක සම්පූර්ණයෙන්ම ආවරනය වෙන්න ඕන​.Down Trend එකක් අවස්සාන හරියේ මෙවැනි Candlestick Patterns එකක් ඇති උනොත් ඉදිරියේදි හුවමාරු අනුපාතය ඉහල යාමක් සිදුවීමට වැඩි ඉඩක් ඇත​.Bullish Engulfing Pattern එක ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පහත උදාහරනය මගින් පැහැදිලි කර ගන්න​.



02.Dragonfly Doji













Doji Candle එකක් කියන්නෙ body එකක් නැති හෝ ඉතා කුඩා body එකක් සහිත Candle එකකකට​. සාමාන්‍ය Doji Candle  එකකින් නිරූපනය වෙන්නෙ ඉදිරියේදි හුවමාරු අනුපාතය ඉහල යාමක් හෝ පහල යාමක් සිදුවීමට ඇති අවිනිශ්චිත තත්වයකි (හදුනාගත නොහැකි තත්වයක්).Dragonfly Doji එකක් සාමාන්‍ය Doji Candle එකකින් වෙනස් වෙන්නෙ එහි ඇති දිගු  bottom wick(long lower shadow) එක නිසයි.එමෙන්ම  එහි බෝහෝ විට Top wick ( Upper shadow) එකක් නොමැතිවීම​ හෝ ඉතා කෙටි Top wick එකක් තිබීමත් දැකිය හැකි ලක්ෂනයකි.ඒ අනුව Dragonfly Doji එකකින් ඉදිරියේදි හුවමාරු අනුපාතය ඉහල යාමට ඇති හැකියාවල් පෙන්නුම් කරනවා.Dragonfly Doji Pattern එක ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පහත උදාහරනය මගින් පැහැදිලි කර ගන්න​.






03. Hammer


















Hammer එකක් කියන්නෙ කුඩා body එකක් හා body එක මෙන් කිහිප ගුණයක bottom wick (long lower shadow)  එකක් දැකිය හැකි හා  Top wick (upper shadow) එකක් නොමැති හෝ ඉතා කුඩා එකක් ඇති Candle එකකි.මෙහිදී Candle එකේ වර්ණය කුමක් වුවත් ගැටලුවක් නැත​.Down Trend එකක් අවසානයේ මෙවැනි එකක් ඇති උනොත් ඉදිරියේදි හුවමාරු අනුපාතය ඉහල යාමට වැඩි ඉඩ කඩක් ඇත​.Hammer  එකක් ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පහත උදාහරනය මගින් පැහැදිලි කර ගන්න​.

04.Morning Star
















මෙය Candle තුනක එකතුවෙන් සෑදෙන  Candlestick Patterns එකකි.එහි පලමු Candle එක තරමක් දිගු Bearish candle එකක් විය යුතු අතර දෙවනි candle එක කුඩා Bearish candle  එකක් හෝ Bullish Candle එකක් විය යුතුයි,තුන්වන candle එක විශාල Bullish Candle  එකක් විය යුතුයි. Down Trend එකකදී  මෙවැනි Candlestick Patterns එකක් ඇති වුනොත් ඉදිරීයේදී හුවමාරු අනුපාතයේ ඉහල යාමක ( Up Trend   එකක් ඇති වීමට​) වැඩි ඉඩ කඩක් තිබේ. Morning Star එක ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පහත උදාහරනය මගින් පැහැදිලි කර ගන්න​.


05. Piercing Line Pattern






















මෙය Candle දෙකක එකතුවෙන් හැදෙන Candlestick Patterns එකකි.පලමු Candle එක  Bearish candle එකක් විය යුතු අතර දෙවෙනි Candle එක  Bullish Candle එකක් විය යුතු මෙන්ම එම Candle එක පලමු candle එකේ body එකෙන් 50% කට වඩා ඉහලින් අවසන් විය යුතුයි.සමාන්‍යයෙන් candle එකක් කලින් candle එක අවසන් වූ තැනින් ආරම්භ වේ,නමුත් මෙහිදි දෙවැනි Bullish Candle එක පලමු Bearish candle එක අවසන් වූ ස්ථානයට පහලින් ආරම්භ වේ,ඒ කියන්නෙ පලමු candle එකෙ අවසානයත් ( Close) දෙවැනි Candle එකේ ආරම්භයත් (open) අතර පරතරයක් තියෙන්න ඕන​.මෙවැනි Candlestick Patterns එකක් Down Trend එකක් අවසානයේ ඇති වුනොත් ඉදිරියේදි හුවමරු අනුපත ඉහල යමට (Up Trend එකක් ඇති  වීමට​) වැඩි ඉඩක් පවතී.Piercing Line Pattern එක ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පහත උදාහරනය මගින් පැහැදිලි කර ගන්න​.




ඉහත කියලා දුන්න Candlestick Patterns එකක් ඇතිවෙන හැම අවස්ථාවකම හුවමාරු අනුපාතය​ ඉහල යාමක් සිදුවෙන්නෙ නැත​.ඉහත කියලා දුන්න Candlestick Patterns පහත දැක්වෙන ස්ථාන වල ඇති වෙනවනම් තමයි හුවමාරු අනුපාතය ඉහල යන්න වැඩි ඉඩක් තියෙන්නෙ.


  • major support levels
  • upward trendline bounces
  • fib retracement levels
support and resistance හා trendline ගැන මූලික දැනුමක් ඔයාට මී ලග ලිපියෙන් ලබාගන්න පුලුවන්.නමුත් මේවා ගැන පුලුල් අවබෝදයක් ලිපියක් මගින් ලබාදෙන්න අමාරුයි.ඔයාට මේ හැම එකක් ගැනම පුලුල් අවබෝදයක් ලබාගන්න පුලුවන් Advance Level ලිපි හා Video පැහැදිළි කිරීම් තුලින්.ඔයාට Advance Level ලිපි කියවන්න අපේ සාමාජිකත්වය ලබා ගන්න ඕන​.සාමාජිකත්වය සදහා මුදල් අය කරන්නෙ නෑ,සමාජිකත්වය ලබාගැනීමෙ විස්තර සදහා මෙතන Click කරන්න​.

Wednesday, August 16, 2017

Indicators පැහැදිළි කිරීම​

Binary Option Trade කිරිමේදි හුවමාරු අනුපාතයේ සිදුවන උස් පහත් වීම් හදුනාගැනීමට භාවිත කල හැකි Indicators කිහිපයක් පිළිබද මෙම ලිපියෙන් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.

මොනාද මේ Indicators කියන්නෙ?
Indicator එකක් කියන්නෙ විදේශ විනිමය වෙළදපලේ ඉදිරියේදි සිදුවිය හැකි ඉහලයාම් හා පහලයාම් කලින් හදුනා ගැනීම සදහා සකස් කල යම් ගනිතමය උපාංග වලටයි.ඒ අනුව Indicators මගින් හුවමාරු අනුපාතය ඉදිරියේදි වෙනස් වන අකාරය පිළීබද තීරන ගැනීම පහසු කරනවා.මෙම මගින් ලබා දෙන තොරතුරු 100% ක් නිවරදි නොවීමට ඉඩ ඇති නමුත් ඔබ සතු අනෙකුත් දැනුමත් සමග Indicators කිහිපයකුත්,හොද සැලැස්මක් හා ඉවසීමක් ඇතිව Trade කරන්නේනම් වඩා වැඩි නිවරදි තාවයක් සහිත තීරණ ගැනීමට මෙම යොදාගත හැකිය​.

මෙම ලිපිය මගින් ඔබට අපි හදුන්වා දෙන්නෙ බහුලව භාවිත වෙන Indicators කිහිපයක් පමණයි තව විශාල ප්‍රමාණයක් Indicators තිබෙනවා යොදාගත හැකි.ඉදිරීයේදි අපි ඔයලට Trade කිරීමට යොදාගත හැකි විවිධ ක්‍රම කියලා දෙනවා,ඒ ඒ අවස්ථාවලදි අලුතෙන් යොදාගන්න Indicators ගැන එම ස්ථාන වලදි පැහැදිළි කරලා දෙන්නම්.

පහත එක් එක් Indicator එක යටතේ ඇති Video එක මගින් එම  Indicator එක භාවිත කරන ආකාරය පැහැදිලි කර ඇත​.