Tuesday, September 5, 2017

ඔයාට ගැලපෙන Trading Plan එකක් හදමු

මුදල් තැන්පත් කරන තැන ඉදලා ලාභය ඉවත් කරගන්න තැන වෙනකන් ඔයාට සැලැස්මක් තියෙන්න ඕන​.මේ කරන්න සූදුවල් නෙමේ ව්‍යාපාරයක් ඒක නිසා සැලැස්මක් නැතුව සාර්ථක වෙන්න ක්‍රමයක් නැ.එකක ඇතුලත් විය යුතු මූලක කරුණු 4ක් හදුනගන්න පුලුවන්


  • Trade කිරීමට පෙර සූදානම් වන ආකාරය​
  • Trading Strategy එක​/ Trade කිරීමට භාවිත කරන ක්‍රම වේදය​
  • භාවිත කරන මූල්‍ය කළමනාකරණ ක්‍රමය 
  • ලාභය ඉවත් කරගන්න ආකාරය​
ඉහත එක් එක් කරුන පහත ආකාරයට පැහැදිළි කර ඇත​

01.Trade කිරීමට පෙර සූදානම් වන ආකාරය
මෙම කරුන ගැන අපි සම්පූර්න ලිපියකින් පැහැදිළි කෙරුවා.එම ලිපිය කියවලා නැතිනම් මෙතන Click කරලා එම ලිපිය කියවන්න​.

02. Trading Strategy එක​/ Trade කිරීමට භාවිත කරන ක්‍රම වේදය​
හුවමාරු අනුපාතයේ සිදුවන ඉහල යාමා හා පහල යාම් හදුනගන්න භාවිත කරන ක්‍රමවේදය​ (Strategy) ගැනයි මෙතනින් කතා කරන්නෙ.ඒ ක්‍රමවේදය Indicators භාවිත කරන එකක් හෝ Indicators නැති Price Action දැනුම යොදාගන්නා එකක් විය හැකියි.Strategy එක මොකක් උනත් එම Strategy  එක යොදාගෙන Trade එකක් කිරීමට ඉටුවිය යුතු කොන්දේසි ටිකක් හදාගන්න ඕන​,ඒ කොන්දේසි ඔක්කොම සම්පූර්න උනොත් විතරයි Trade එක කරන්න ඕනෙ.මෙම කොන්දේසි පහත පරිදි කොටස් දේකකට වෙන් කරන්න පුලුවන්.

Call Trade එකක් කිරීමට ඉටුවිය යුතු කොන් දේසි මොනවාද​?

ඔයා භාවිත කරන Strategy එක මගින් Call Trade එකක් ගැනීමට පෙර ඉටුවිය යුතු කොන් දේසි ගැනයි මෙතනින් කතා කරන්නෙ.ඔයා භාවිත කරන්නෙ Indicators සහිත Strategy එකක් නම් Call Trade එකක් ගැනීමට පෙර ඒ ඒ Indicator  එක කුමන මට්ටම් වල පැවතිය යුතුද​?,Indicators වල කුමන හැසිරීමක් පෙන්විය යුතුද​? කියන ඒවා තමා කොන් දේසි කියන්නෙ. ​ඔයා Price Action දැනුම භාවිත කරන Strategy එකක් යොදාගන්නවනම් Call Trade එකක් කරන්නෙ කුමන Support Line වලද​? Call Trade එකක් කිරීමට Trend Line භාවිත කරන ආකාරය වගේ දේවල් කොන්දේසි ලෙස ඇතුලත් කරන්න පුලුවන්.


Put Trade එකක් කිරීමට ඉටුවිය යුතු කොන් දේසි මොනවාද​?
ඔයා භාවිත කරන්නෙ Indicators සහිත Strategy එකක් නම් Put Trade එකක් ගැනීමට පෙර ඒ ඒ Indicator  එක කුමන මට්ටම් වල පැවතිය යුතුද​?,Indicators වල කුමන හැසිරීමක් පෙන්විය යුතුද​? කියන ඒවා තමා කොන් දේසි කියන්නෙ. ​ඔයා Price Action දැනුම භාවිත කරන Strategy එකක් යොදාගන්නවනම් Put Trade එකක් කරන්නෙ කුමන Resistance Line වලද​? Put Trade එකක් කිරීමට Trend Line භාවිත කරන ආකාරය වගේ දේවල් කොන්දේසි ලෙස ඇතුලත් කරන්න පුලුවන්.

මෙහෙම කොන්දේසි හදාගන්න එක ගොඩක්ම වැදගත් වෙන්නෙ Indicators යොදාගන්න Strategy එකක් භාවිත කරනවනම් තමයි.මම මේ ගැන​ උදාහරණයක් මගින් පැහැදිලි කරන්නම් එතකොට ඔයාට මේ ගැන හරියටම පැහැදිළි වෙයි.

උදා -
Trading Strategy එක : cci indicator එක පමනක් භාවිත කරන strategy එකක් කියලා උප කල්පනය කරන්න, එ අනුව පහත කොන්දේසි සකස් කල හැක​.

Call Trade එකක් කිරීමට ඉටුවිය යුතු කොන් දේසි මොනවාද​?
- cci line  එක oversold වීම​( -100  line එක කපාගෙන පහලට යාම​)

Put  Trade එකක් කිරීමට ඉටුවිය යුතු කොන් දේසි මොනවාද​?
- cci line  එක overbought  වීම​( +100  line එක කපාගෙන ඉහලට​ යාම​)

සාර්ථකව භාවිත කලහැකි Trading Strategy කිහිපයක්  "සාර්ථකම Trading ක්‍රම ඉගෙන ගමු" කියන ලිපි මාලාව තුලින් කියවන්න පුලුවන්.

03.භාවිත කරන මූල්‍ය කළමනාකරණ ක්‍රමය 
Binary Option කරනකොට බහුලව භාවිත කරන මූල්‍ය කළමනාකරණ ක්‍රමය තමා Martingale Strategy එක​.Martingale strategy එක ගැන "මූල්‍ය කළමනාකරණය"  කියන කලින් ලිපිය මගින් දීර්ගව පැහැදිළි කෙරුවා,එම ලිපිය නැවත කියවන්න මෙතන Click කරන්න​.

ඔයාගේ Trading Plan එකේ  මූල්‍ය කළමනාකරනය හා සම්භන්ද​ පහත ගැටලු වලට පැහැදිළි පිළිතුරු ඇතුලත් වෙන්න ඕන​

පළමු එකට යොදන මුදල් ප්‍රමාණය කීයද​?
පළමු Trade එක සදහා ඔයාගේ Binary Option ගිණුමේ තියෙන ශේශයෙන් 1%ක් තමා යෙදවිය යුත්තේ.ඒ කියන්නෙ ඔයාගේ ගිණුමේ ඩොලර් 100ක් තියෙනවනම් පළමු එකට යෙදවිය යුත්තෙ ඩොලර් 1යි.

දවසකට යෙදවිය හැකි උපරිම ප්‍රාග්ධනය​?
ඔයාගේ ගිණුමේ ශේශයෙන් 10%කට වඩා දවසකදි භාවිත කරන්න එපා.ඒ කියන්නෙ ඔයාගේ ගිණුමේ ඩොලර් 100ක් තියෙනවනම් ඔයාට දවසකදි Trade කිරීමට භාවිත කලහැකි උපරිම ගාන ඩොලර් 10යි.ශේශයෙන් 5%ක් පමන උපරිමව භාවිත කරන එක වඩාත් නිවරදියි.

Martingale Strategy එකේ පියවර කීයක් උපරිම වශයෙන් Trade කරනවාද​?
උපරිම ලෙස පියවර 3ක් Trade කරන්න ඊත වඩා පියවර වලට යනවනම් ඔයාගේ ගිනුමේ ඩොලර් 100ට වඩා තියෙන්න ඕන​.මූලිකම දෙය ඔයාගෙ ගිණුමේ තියෙන ශේශයෙන් 10% කට වඩා පරදින්න එපා.

ලාභ ඉලක්කය​?
දැනට Binary Option ගිණුමේ පවතින ශේශයෙන් 5% - 10% ත් අතර ලාභ ප්‍රමාණයක් ඉලක්ක කරන්න​.ඊට වඩා ලාභ ලැබීමෙ බලාපොරොත්තුවෙන් Trade කිරීම තුලින් අවධානම වැඩිවිය හැකියි.


04.ලාභය ඉවත් කරගන්න ආකාරය​
මාසයක් තුල ඔබ ලැබූ ලාභයෙන් කොටසක් ඉවත් කරගන්න​,ලබන ලාභය සම්පූර්ණයෙන්ම ලබා ගත්තොත් ඔබට ලාභය ඉදිරියේදි වැඩි කරගැනීමට අපහසුයි,නමුත් ලැබූ සම්පූර්ණ ලාභයෙන් කුඩා කොටසක් හෝ ලබාගන්න එතකොට තමා ඔයාගෙ උනන්දුව වැඩි වෙන්නෙ.

ඉහත පැහැදිලි කරපු කරුණු ඇතුලත් කරලා Trading Plan එකක් හදාගන්න​,සැලැස්ම කොලේක ලියලා හදාගත්තනම් වඩාත් පහසුයි ඒහම නැතත් හිතේ හරි සැලැස්මක් තියාගන්න​.

No comments:

Post a Comment